දේශීය පුවත්

අද උදෑසන කාලයේ දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ පිපිරීම් තමන් ඉතා කම්පාවෙන් සහ තරයේ හෙළාදකින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව මෙලෙස ප්‍රකාශ කර තිබුණි.

අද උදෑසන කාලයේ දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ පිපිරීම් මම ඉතා කම්පාවෙන් තරයේ හෙළාදකිමි. රජය සහ අදාළ රාජ්‍ය ආරක්ෂක ආයතන වහාම ජනතාවගේ ආරක්ෂාව සහ මහජන සාමය තහවුරු කිරීමට පියවර ගත යුතුය. මෙම කණගාටුදායක අවස්ථාවේදී ජනතාව අතර සාමය සහ සංහිඳියාව ඇති කිරීම සඳහා සියලු ආගමික නායකයන් එකතු වන මෙන් මම කරුණාවෙන් ඉල්ලා සිටිමි. බෝම්බ පිපිරීම් වලින් ජිවිත හානි සහ දේපල හානි සිදු වූ සියලුම ජනතාවට මාගේ කණගාටුව ප්‍රකාශ කරමි. මහත් කැපකිරීම් කර අප ලබා ගත් නිදහස ආරක්ෂා කර ගැනීමට අප සියලු දෙනාම වගකීමෙන් කැපවිය යුතුය.

මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද මීගමුව රෝහලට ගොස් එහි කටයුතු සොයා බැලුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More