දේශීය පුවත්

කටකතා සහ අසත්‍ය ප්‍රචාර වලට නොරැවටී හැකිතාක් සන්සුන්ව සිටින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන සිදු වූ පිපිරිම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් මහ ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

මෙය කිසි විටෙකත් බලාපොරොත්තු නොවූ සිදුවීමක් බවත් තමන් මේ හේතුවෙන් දැඩි කම්පනයට හා වේදනාවට පත්ව සිටින බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ.

“කිසි විටෙක බලාපොරොත්තු නොවු සිදුවීමක් සිදු වී තිබෙනවා. මා මෙන්ම ලක් වැසි සියලු දෙනාම දැඩි ලෙස වේදනාවට සහ කම්පනයට පත්ව සිටිනවා. මෙම ප්‍රහාර පිටුපස ඇත්තේ කුමන කුමන්ත්‍රණයක්ද යන්න තවම පැහැදිලි නැහැ. මේ පිළිබඳව සෙවීම සඳහා ආරක්ෂක අංශ වට උපදෙස් ලබා දී තිබෙනවා. ඔවුන් මේ වන විට ඒ අනුව ක්‍රියාත්මක වෙනවා.

ජනතාවට සන්සුන්ව සිටින ලෙස මා ඉල්ලා සිටිනවා. අනවශ්‍ය කටකතා වලට රැවටෙන්න එපා. කිසිදු අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. රජය මේ සම්බන්ධ පියවර‍ රැගෙන තිබෙනවා. එම වගකීම් ඉටු කරනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More