අද(21) උදෑසන කොළඹ ඇතුළු දිවයිනේ ස්ථාන 06ක සිදුවූ පිපිරීම්වලින් මේ වන විට පුද්ගලයින් 138 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 402 කු තුවාල ලබා ඇතැයි කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පවසයි.
තුවාලකරැවන් සදහා අව්‍යවන ලේ ලබා දිම සදහා නාරාහෙන්පිට ලේ බැංකුව වේත පැමින ලේ ලබා දිමට සැරසෙන අයුරැ දැක ගන්නට පුළුවන් විය.
ජාතික ලේ බැංකුව විසින් හදිසි නිවේදනයක් නිකුත්කර තිබෙන අතර එය පහත දැක්වේ.
“දැනට පවතින ආපදා තත්ත්වය නිසා රුධිර අවශ්‍යතාවය වැඩි වී ඇත. මේ නිසා පවතින රුධිර සංචිතයෙහි අඩුවීමක් සිදුවන බැවින්, මෙම අසීරු අවස්තාවේ දී ඔබට රුධිරය පරිත්‍යාග කල හැකිනම් නාරහෙන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානය වෙත පැමිනෙන්න.
මීට අමතරව , මඩකලපුව , පොලොන්නරුව , මීගමුව , ත්‍රිකුණාමලය යන රෝහල් ලේ බැංකු වෙත ද රුධිරය පරිත්‍යාග කිරීමට පැමිනිය හැකි නම් අප එය ඉතා අගය කොට සලකන්නෙමු”





ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...