දේශීය පුවත්

කොළඹ කොච්චිකඩේ, මීගමුව කටුවපිටිය සහ මඩකලපුව දේවස්ථාන තුනක් ඇතුළු ස්ථාන 8 ක අද උදෑසන සිදු වු පිපිරිම් වලින් මිය ගිය ගණන 207 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

————————————————-
දිවයින පුරා පිපිරීම්වලින් මිය ගිය ගණන 138 දක්වා ඉහළට-තුවාලකරුවන් 402ක්

අද(21) උදෑසන කොළඹ ඇතුළු දිවයිනේ ස්ථාන 06ක සිදුවූ පිපිරීම්වලින් මේ වන විට පුද්ගලයින් 138 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 402 කු තුවාල ලබා ඇතැයි කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පවසයි.

මේ මොහොතේ කොළඹ, ජාතික රෝහලේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යක්ෂවරයා මේ බව පැවසීය.

BREAKING NEWS : කොටෙහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානයේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් 80 කට අධික පිරිසක් මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.• රෝහල් ප්රකාශකයෙකු සඳහන් කළේ පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් මේ වනවිට ත් රෝහලට රැගෙන එමින් පවතින බවයි.• අද පෙරවරුවේ දේවස්ථානය තුළ මෙම පිපිරීම සිදුවුණා.• මේ අතර කටාන කටුවපිටිය ප්රෙද්ශයේ දේවස්ථානයක් තුළද පිපිරීමක් සිදුව තිබෙනවා.• මේ අතර කොල්ලුපිටිය ප්රෙද්ශයේ සුපිරි හෝටල් දෙකකද පිපිරීම් දෙකක් සිදුවී ඇති බව වාර්තා වනවා.—————–කොටෙහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානය, කටාන කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය , මඩකලපුවේ දේවස්ථානයක, කොළඹ ෂැන්ග්රිලා, සිනමන් ග්රෑන්ඩ් සහ කිංග්ස්බරි සුපිරි හෝටල් යන ස්ථාන 6 ක අද උදෑසන පිපිරීම් සිදුවුණා.

Gepostet von Ada Derana LIVE am Samstag, 20. April 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More