දේශීය පුවත්

ජනපති සිරිසේන මහතා පෙරමුණු කරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවමත් ඉදිරි ජනපතිවරණයේ ගෝඨාභයගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඇත්තේ සැකයකි. පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මෙවැනි අදහස් දැක්වීමක යෙදිණ.

“ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේකෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කර තිබෙනවා ද යන්න මම දන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එවැනි තීරණයක් ගෙන නොමැති බව අපි විශ්වාස කරනවා” යයි දයාසිරි ජයසේකර මහතා කීවේය.

ඔහුගේ මෙම අදහස්වලින් පැහැදිලි වන්නේ පක්ෂ නායක ජනපති සිරිසේන මහතා මෙන්ම ඔහු ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොදු අපේක්ෂකයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත්වීමේ අවස්ථාව තවමත් තිබෙන බවට බලාපොරොත්තු දල්වාගෙන සිටින බවයි. එය කෙසේවුවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවරණය සටනට ඉදිරිපත් නොවන තත්ත්වයක් උද්ගත වුවද, ජනපති සිරිසේන මහතා වෙත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහාය හිමිවීම උගහටය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More