දේශීය පුවත්

කොළඹ වරායේවත් නොමැති, එකක් රුපියල් කෝටි හයක් බැගින් වටිනා ඉන්දියාවෙන් ආනයනය කළ කන්ටේනර් ඔසවන රථ (Contrainer Lifter) තුනක් පනාගොඩ යුද හමුදා කඳවුරේ අවුරුද්දක් තිස්සේ පැත්තකට දමා තිබෙන බව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් අනාවරණය කළේය.

මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා යන හමුදා බලඇණියක් සඳහා රුපියල් බිලියන 600ක හමුදා උපකරණ හා වාහන මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලද අතර ඒ යටතේ මිලදී ගත් වාහන තුනක් මාලි රාජ්‍යයට යැවීමට නොහැකිව පනාගොඩ කඳවුරේ මෙසේ ගාල් කර තිබෙන බව හෙළිවී ඇත.

මානව හිමිකම් කොමිසම මගින් මාලි රාජ්‍යයට යන බලඇණියට අදාළ නිෂ්කාෂණ වාර්තා ලබාදීමේ ප්‍රමාදය හේතුවෙන් හත්සිය පනහක බලඇණියක් වෙනුවට එහි යැවීමට හැකි වූයේ දෙසීයක පමණ කණ්ඩායමක් (Company) පමණි.

මේ හේතුවෙන් තවම මාලි රාජ්‍යයට යවා ඇත්තේ මිලදීගත් කන්ටේනර් ඔසවන එක් රථයක් පමණි.

දැනට ඇති තත්ත්වය මත මෙම දෙසැම්බරයට පෙර මීළඟ බලඇණිය පිටත් කර යැවීමට අපොහොසත් වුවහොත් රුපියල් බිලියන ගණනක් වටිනා මෙම වාහන යළි මුදල් වියදම් කර ගෙන මෙරටට ගෙන ඒමට සිදුවන බව ආරක්ෂක ප්‍රධානීහු පෙන්වා දෙති.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More