ක්‍රීඩා පුවත්

තරඟ 16 කට පසු ක්‍රිකට් තරඟාවලියක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (27) සමත් විය.
ඒ බංග්ලාදේශයයේ දී පැවති තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟයෙන් බංග්ලාදේශය පරාජය කරමින් ශ්‍රී ලංකාව ලකුණු 79 කින් ජයගැනීමත් සමගය.
ශ්‍රී ලංකාව පන්දුවාර 50 තුලදී සියළු දෙනා දැවී ලකුණු 221 පන්දුවාර 41යි එක් පන්දුවකදී බංග්ලාදේශයට ලබාගත හැකි වූයේ ලකුණු 142 පමණි.
එකදිගටම පරාජිත වූ කාල පරිඡේදයකින් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කාරා ගෙන ගිය රහස පිටුපස සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහය.

ක්‍රිඩකයින්ගේ සුවිශේෂිත දක්ෂතා හසුනාගෙන ඔවුන් නිසිආකාරයෙන් යොදවා තමා ප්‍රධාන පුහුණුකරු තනතුර දැරූ ප්‍රථම තරඟාවලියේදීම ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් ලබාදීමට හතුරුසිංහට හැකිවිය.
ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක, උපුල් තරංග, තිසර පෙරේරා වැනි ක්‍රිඩකයින්ට වැදගත් උපදෙස් කිහිපයක් ලබාදී ඇති බව කැපී පෙනේ.

මෙහි වැදගත්ම කාරණය වන්නේ තම මංගල තරඟයට සහභාගී වූ ශෙහාන් මධුසංක කඩුලු ත්‍රිත්වයක් (hat-tricks) ලබාගැනීමයි. ශෙහාන් මධුසංක අද තරඟයට අනිවාරයෙන්ම සහභාගී වියයුතු බව තීරණය කළේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහය.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන ඒමට ප්‍රධානපුහුණුකරු හතුරුසිංහට හැකිය. ඒ සඳහා ඔහුට නිදහස ලබා දෙන ලෙස සියළුම ක්‍රිකට් බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටිමු.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More