දේශීය පුවත්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට අද (20) සවස 4.00 ට පමණ ඇති වූ අධික වැසි, දැඩි අකුණු ගැසීම් සහිත කාළගුණික තත්වය නිසා ගුවන් තොටුපළ වෙත ගොඩ බෑමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ .

මෙම ගුවන් යානය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 315 දරන ගුවන් යානයයි.

එම ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත ඒ.- 330 – 243 එයා බස් වර්ගයේ එකක් වූ අතර , එහි මගීන් 249 ක් සහ කාර්යය මණ්ඩලය 18 දෙනෙකු සිටි බැව් මත්තල ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරිවරයා පැවසීය.

මෙම ගුවන් යානය ගොඩ බස්වනු ලබන අවස්ථාවේ මත්තල ගුවන් තොටුපළ අවටද අකුණු ගැසීම් සහිතව වර්ෂාව පැවති බවද හෙතෙම පැවසීය.

මෙම ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ කාළගුණික තත්වය සමනය වනතුරු, ගුවන් තොටුපළ වටා ඉහළ අහසේ කැරකැවෙමින් රැදී සිටීමට තරම් ප්‍රමාණවත් ඉන්ධන මෙම ගුවන් යානය සතු නොවීම නිසා මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි බව ද එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමෙන් පසුව යානයට අවශ්‍ය ඉන්ධන ලබාදී සවස 5.40ට පමණ මත්තල ගුවන් තොටුපළෙන්, කටුනායක ගුවන් තොටුපළ බලා පිටත් වී තිබේ.

මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ තුළ ගොඩ බස්වා තිබූ කාළය තුළ එහි සිටි මගීන් යානය තුළම රදවා තබා ගෙන සිට තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More