වසර 24 කට පසු රටම දිනවන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. එම අපේක්ෂකයා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගෙන් පසු ඉතිහාසයේ ඉහළම ජය ලබනු ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියි.
මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ ඔහුගේ දේශපාලන දිවියට දශක තුනක් සපිරීම නිමිත්තෙන් මාතර නූපේ පැරැණි ඕලන්ද වෙළෙඳ සංකීර්ණයේ පැවැත්වෙන “දශක තුනක මාතර” ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ සමරවීර මහතා,
‘මේ අවුරුද්දේ ජනාධිපතිවරණයෙන් පස්සේ අවුරුදු 24 කින් පසු එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරයකු පත් කරගන්න යන ගමන වළක්වන්න කාටවත් බැහැ. එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිනවල, තවත් අවුරුදු ගණනාවක් පාලනය කරන අපේක්ෂකයා කවුද කියල කතිකාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවක්.’
‘විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන ලංකාවේ එකම දේශාපාලන පක්ෂය විදියට එක්සත් ජාතික පක්ෂයේ අපිත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ මතය අනුව, අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මතය අනුව ඒ වගේම අපේ ශාඛා සමිතිවල ඉන්න එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ මතය අනුව අපි ඊළග ජනාධිපතිවරණ අපේක්ෂකයා පත් කරගෙන, චන්ද්‍රිකා බණ්ඩාරණායක ජනාධිපතිතුමියගෙන් පස්සේ ලංකාවේ ජනතාව බලන්නට යන විශාලතම ජයග්‍රහණය අපි මේ වසර අන්තිමේදි එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයට ලබා දෙනවා.’
‘මේ බොහොම අමාරුවෙන් අපි ලබා ගත්ත ආණ්ඩුව ලේසියෙන් කාටවත් පෙරළන්න දෙන්නේ නෑ. කොයි තරම් බලවත් අය කුමන්ත්‍රණකාරී ලෙස බලය ඩැහැගන්න උත්සහ කළත් අපි දින 51 දි ඒක පෙන්නුවා. ඒ කුමන්ත්‍රණයට විරුද්ධව කටයුතු කරපු කෙනෙක් විදියට මම යළි වතාවක් කියනවා කිසිම කුමන්ත්‍රණයකින් මේ ආණ්ඩුව පෙරළන්න අපි ඉඩ තියන්නේ නැහැ.’
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...