මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හදිසි ජනාධිපතිවරණයක් කැඳවුවහොත් ඒ සඳහා තම පක්ෂයෙන් මෙවරත් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයන් කිහිපදෙනෙකු පක්ෂ නායකත්වයට පවසා ඇත.
එක්සත් ජාතික පක්ෂය තුළ මේ මොහොතේ ආරම්භ වී ඇති අභ්‍යන්තර ගැටලු සහ පසුගිය කාලයේ ආණ්ඩුවට එල්ල වූ විවිධ චෝදනා සැලකිල්ලට ගනිමින් එම නායකයන් මෙම තීරණය ගෙන ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙවැනි තත්ත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂය කැඩීයාම වැළැක්වීම සඳහා නැවතත් පොදු අපේක්ෂකයකු යටතේ ජනාධිපතිවරණයට තරගකළ යුතු බව එ.ජා.ප. පක්ෂ නායකයන් කිහිපදෙනෙකුගේ අදහස වී තිබේ.
ඒ අනුව මෙවරත් ඔවුන් ජනාධිපතිවරණය සඳහා විපක්ෂයේ සිටින ජනප්‍රිය පුද්ගලයකු ඉදිරිපත් කළ යුතු බවටද එකඟතාවකට පැමිණ ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...