දේශීය පුවත්

ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න තේරීමට වඩා යහපත් අනාගතයක් සහිත ශ්‍රී ලංකාවක් බිහිකළහැක්කේ කෙසේද යන්න ගැන සිතා බැලිය යුතු බව හිටපු උතුරු – නැගෙනහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය වරධරාජා පෙරුමාල් මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ අද(19) යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ එක්සත් ජාතික පෙරමුණ හෝ මහින්ද රාජපක්ෂ පාර්ශ්වය පසුගිය කාලය තුළ රට ආපස්සට ගෙන ගොස් ඇති බවය. ජාති, කුළ, භාෂා, ආගම් වශයෙන් බෙදා වෙන්කර ජනතාවගේ ඡන්දය ලබාගැනීම එම පාර්ශ්ව වල අරමුණ බවත් නැවත වරක් එම පාර්ශ්වයන්ට බලය පැවරීම මේ රටේ අවසානය බවත් වරධරාජා පෙරුමාල් මහතා පැවසීය.

එසේම මාධ්‍ය හමුව අමතමින් දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියා කලාපය සම්බන්ධව ද වරධරාජා පෙරුමාල් මහතා මෙවැනි අදහසක් පල කළේය.

“ඇත්ත වශයෙන්ම හමුදාව ඉඩම් නිදහස් කරන්නේ නැහැ කියලා කිව්වාට පසුගිය වසර 10 ක් තුළ ඔවුන් සිටි විශාල ප්‍රමාණයේ ඉඩම් නිදහස් කළා කියන එක සත්‍යයක්. දෙමළ ජාතික සන්ධානය මේ අවුරුදු 5 තුළ රජය සමඟයි හිටියේ. ඔවුන්ට හමුදා කඳවුරු අඩු කරන්නට තිබුණා. ජනතාවගේ ඉඩම් නිදහස් කරගන්න තිබුණා. නමුත් ඒවා සිදුකරන්නේ නැතුව හමුදාව විවිධ කාලවල්ව, නිදහස් කරන ඉඩම් තමන් කළා වගේ පෙන්නමින් ඉඳලා දැන් රජයට හා හමුදාවට එරෙහිව බොරුවට කතා කරනවා. ඔවුන් දැන් බොරු රඟපෑමක් කරන්නේ.”

එසේම වරධරාජා පෙරුමාල් මහතා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාට ද චෝදනාවක් එල්ල කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තනතුරක් සුමන්තිරන් මන්ත්‍රීවරයාට ලබාදීමට නියමිත බවට පළවන වාර්තා සම්බන්ධව විමසීමේදී වරධරාජා පෙරුමාල් මහතා මෙම චෝදනාව සිදු කළේය.

“එලෙස එකක් ලැබිලා ඒකෙන් දෙමළ ජනතාවට සේවයක් කරන්න පුළුවන් නම් ඒක හොඳයි. නමුත් දැන් සුමන්තිරන් කියන්නේ රනිල් වික්‍රමසිංහගේ කෙනෙක්. මෙවැනි වාතාවරණයක් තුළ සුමන්තිරන් රට තුළ උසස් තනතුරකට ආවත් ජාත්‍යන්තර තනතුරකට ආවත් ඒකෙන් ජනතාවට සෙතක් වෙන්නේ නැහැ. එමෙන්ම විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් යුත් දෙමළ ජනතා සන්ධානය තවමත් මනංකල්පිත ලෝකයක ඉන්නවා හැරෙන්න ඔවුන් කියන දේ පවා කරන්න බැරි තත්ත්වයකට පත්වෙලා තියෙනවා. අවුරුදු 5 ක් පළාත් සභාව පාලනය කළත් කිසිදු දෙයක් කරගන්න බැරිවුණා. ඉදිරියටත් දෙමළ ජනතාවට හොඳක් කරයි කියලා හිතන්න අමාරුයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More