ව්‍යාපාරික පුවත්

2019 ජනවාරි මාසයේ දී පෞද්ගලික රථවාහන ආනයනය සඳහා දරන ලද සමස්ත වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 49.5 ක් ලෙසින් වාර්තා වේ. මෙය 2018 වසරේ ජනවාරි මාසයේ දී වාහන ආනයනය සඳහා සිදුකර ඇති ඩොලර් මිලියන 95 ක ආනයන වියදම හා සැසඳීමේ දී 47.9% ක පහළ යාමක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ.

මෙය පසුගිය මාස 13 ක කාලපරිච්ඡේදය තුළ දී තනි මාසයක් තුළ වාර්තා වූ අඩුම වාහන ආනයනික වියදම ලෙසින් වාර්තා වේ.

කෙසේ වුවද, 2019 වසර සඳහා වූ අයවැය මගින් නිෂ්පාදන බදු සංශෝධන කිරීම, විනිමය අනුපාතිකය මත ඇති වූ පීඩනය අඩුවීම සහ විදේශීය අංශයේ අනෙකුත් වර්ධනයන් සලකා බලමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රථවාහන සහ අත්‍යාවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේ දී පනවා තිබූ ආන්තික තැන්පතු අවශ්‍යතාව 2019 මාර්තු 07 දින සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කරන ලද අතර ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබා දීමේ කොන්දේසි මත ආනයනය කිරීමේ දී පනවා තිබූ මුදල් තැන්පතු අවශ්‍යතාව මාර්තු 12 දින සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කරන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More