විදේශ පුවත්

උතුරු කොරියානු නායක කිම් ජොංග් -උන් සහ රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් අතර හමුවක් මෙම මාසයේදී සිදුවීමට නියමිත බව රුසියානු රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. රුසියානු ජනාධිපතිවරයාගේ ආරාධනාවකට අනුව උතුරු කොරියානු නායකයා මෙම මස අවසාන සතියේදී රුසියාව බලා පැමිණීමට නියමිත බව සඳහන්.

2002 වර්ෂයෙන් පසුව රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් උතුරු කොරියානු නායකයෙක් මුණ ගැසෙන පළමු අවස්ථාව මෙය බව සඳහන්. මිට පෙර වත්මන් උතුරු කොරියානු නායකයාගේ පියා වන කිම් ජොංග්-II හා රුසියානු ජනපතිවරයා අතර හමුවක් සිදුවූ බවයි රුසියානු වාර්තා සඳහන් කරන්නේ.

මිට පෙර උතුරු කොරියානු නායකයා පසුගිය පෙබරවාරි මාසයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සිදුවූ අතර එහිදී දෙරටේ නායකයින් බලාපොරොත්තු වූ ආකාරයේ ප්‍රතිපලයක් අත්කර ගැනීමට අපොහොසත් විය.

න්‍යෂ්ටික අවි අත්හදා බැලීමේ කටයුතු තාවකාලිකව නවතා ඇති උතුරු කොරියාව අමෙරිකාව සමග සාකච්ජා අසාර්ථක වීමෙන් පසු පළමු වරට නව උපාය මාර්ගික අවියක් අත්හදා බලනු ලැබුවේ මිට දින දෙකකට ඉහතදීය. උතුරු කොරියාව විසින් එම අවිය අත්හදා බැලීමෙන් පසුව රුසියාව විසින් උතුරු කොරියානු නායකයාට සිය රටෙහි සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ආරාධනා කර ඇති බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

රාජ්‍ය නායකයින් දෙදෙනා අතර හමුව සිදුවන ස්ථානය සහ දිනය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු නිල නිවේදනයක් රුසියාව විසින් නිකුත් කර නොමැති අතර මෙම හමුව සම්බන්ධයෙන් අමෙරිකාව දැඩි අවධානයෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More