ඉදිරි ජනාධිපතිවරණයට කෙතරම් අපේක්‍ෂකයන් ඉදිරිපත් වුණත් ජනතාව බුද්ධිමත් තීරණයක් ගන්නා බවට තමාට දැඩි විශ්වාසයක් තිබෙන බව හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකින් වත්මන් එ.ජා.ප. ආණ්‌ඩුව පළවාහැරීමට ජනතාව පෙළගැසී සිටින බවද විපක්‍ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම ආණ්‌ඩු විරෝධී පුළුල් පෙරමුණක් ගොඩනැගීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවත් විපක්‍ෂ නායකවරයා පැවසීය.
මැතිවරණවලින් පරාජයට පත්වන බවට තිබෙන බිය නිසා ආණ්‌ඩුව මැතිවරණ කල් දමමින් සිටින බවත් කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...