දේශීය පුවත්

පවතින විදුලි අර්බුදයට දිගුකාලීන විසඳුමක් ලෙස මේ වනවිටත් අයදුම් කර ඇති භූමියෙහි ස්ථාපිත කරන මෙගා වොට් පහට අඩු සූර්ය බල ජනන ව්‍යාපෘති සඳහා වහා අනුමැතිය ලබා දිය යුතු යැයි සූර්යබල කර්මාන්තකරුවන්ගේ සංගමය රජයට යෝජනා කරයි.

එම සංගමය රජයට ඉදිරිපත් කිරීමට සූදානම් වන අවම පිරිවැය දිගුකාලීන සූර්ය බල විදුලි ජනන සැලැස්මෙහි (2019- සිට 2025) මේ බව සඳහන් වේ.

දැනටමත් ස්ථාපිත කර ඇති වහළය මත සවිකෙරෙන සූර්යබල පද්ධති සඳහා ඒවා ආරම්භයේ දී අනුමත ගාස්තු යෝජනා ක‍්‍රම අඛණ්ඩව පවත්වා ගනිමින් දැනට පවත්නා සූර්යබල මෙහෙයුම් කටයුතු ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතු යැයි ද එහි සඳහන් ව ඇත.

බිම්ගතව ස්ථාපිත හා පාවෙන සූර්ය බල ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවිය යුතු යැයි ද බලපත් ලබා දුන් පසු ක්ෂණිකව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පැහැදිලි සරල අනුමතකරණ ක‍්‍රියාවලි අනුගමනය කළ යුතු යැයි ද එහි දැක්වේ.

මෙකී යෝජනා ඇතුළත් දිගුකාලීන විදුලි බල උත්පාදන සැලැස්ම ඉදිරි සතිය තුළ ලංකා විදුලි බල මණ්ඩලයට භාර දෙන බවත් මණ්ඩලය ඉදිරි සැලැසුම්වල දී ඒවා ගැන අවධානය යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් කොළඹ නිපොන් හෝටලයේ දී අද(18) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් සූර්යබල කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් ලක්මාල් ප‍්‍රනාන්දු මහතා පැවැසීය.

මේ වනවිටත් විදුලි බල මණ්ඩලයට දිගුකාලීන හදිසි මිලදී ගැනීම් සඳහා මිස දිගුකාලින විදුලි ජනන සැළසුමක් නැතැයි ද හෙතෙම සඳහන් කළේය. එසැළසුම් නොමැතිකමින් මේ වනවිට රටම අර්බුදයකට ගොස් ඇතැයි කී ප‍්‍රනාන්දු මහතා දිනපතා දිවා කාලෙයේ දී පැය තුනක් හා රාත‍්‍රියේ දී පැයක් වශයෙන් පැය හතරක් දිනපතා විදුලිය කැපීමෙන් දිනකට රුපියල් බිලියනයක පාඩුවක් රටට සිදුවන බව ද කියා සිටියේය.

සෑම වර්ෂයකම විදුලි ඉල්ලුම ඉහළ යන බැවින් මේ පිළිබ`දව බලධාරින්ගේ අවධානය වහා යොමු විය යුතු යැයි ද සඳහන් කළේය. වැස්ස ලැබෙමින් පවතින නිසා විදුලි අර්බුදයට විස`දුමක් ලැබෙන නමුත් ලබන වසරේ පායන කාලය වනවිට යළි අර්බුදය උග‍්‍ර වන ඉවත් බලධාරින් ඒ වනතුරු ඒ බව අමතක කරන බවත් ඔහු පැවැසීය.

රටපුරා ඇති මිලියන 6 ක් වූ නිවාස වහළයන්හි සුර්ය බලාගාර ආරම්භ කිරීමට රජය මැදිහත් විය යුතු යැයි ද ප‍්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

මෙම මාධ්‍ය හමුවට සූර්යබල කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති කුෂාන් ජයසූරිය සහ එහි විධායක සභික හේරත් දිසානායක යන මහත්වරු ද සහභාගී වූහ.

ලංකාදිප



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More