පාකිස්ථාන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් නැගෙනහිර නාවික විධාන මුලස්ථානයේ සංචාරයක නිරත වුණි.
එහිදි, නාවික සම්ප්‍රදායනුකූලව සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව විධාන මූලස්ථානය වෙත නියෝජිත පිරිස උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කරන ලදී.
පකිස්තානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිත පිරිස නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හමුවිමෙන් පසුව, නැගෙනහිර නාවික විධානයේ කාර්යභාර්ය පිළිබඳව ආඥාපතිතුමා එම නියෝජිත පිරිස දැනුවත් කිරීමට කටයුතු කළ අතර, පකිස්තානු නියෝජිත පිරිස විසින් සිය අධ්‍යයන කටයුතු පිළිබඳව ආඥාපතිතුමා දැනුවත් කරන ලදී.
එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
ඉන් අනතුරුව නියෝජිත පිරිස නාවික තඨාකාංගණයේ පිහිටි කෞතුකාගාරය නැරඹිමට ද එක් වූ අතර, එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
පසුව නාවික හා සාගරික විද්‍යාපිඨයේ සංචාරයකට එක් වූ නියෝජිත පිරිස නාවික හා සාගරික විද්‍යාපිඨයේ ආඥාපති, කොමදෝරු කළණ ජිනදාස හමුවි ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වීය.
එහිදි දෙරටේ අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් විශේෂ කරුණු කිහිපයක් සාකච්ඡාවට බඳුන් විය.
එම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.
මෙම අවස්ථාවන් සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කර්නල් සජාඩ් අලි ඇතුළු නාවික හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.
මෙරට අධ්‍යයන චාරිකාවක නිරත එම නියෝජිත පිරිස පසුව නාවික හා සාගරික විද්‍යා පිඨයේ සංචාරයකටද එක් වු බව ශ්‍රි ලංකා නාවික හමුදාව ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...