දේශීය පුවත්

නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පසුගිය වසර 4 තුළ දී සිදු ව ඇති බවට කියන දූෂණ වංචා සම්බන්ධයෙන් මූලික විමර්ශන ආරම්භ කළ බව රාජ්‍ය ආයතන වල දූෂණ හා අක්‍රමිකතා විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම සදහන් කරනවා.

රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට, ජර්මනියෙන් සහ නෙදර්ලන්තයෙන් අධිශීතකරණ හා ශීතකරණ 283 ක් අදාළ කාලසීමාව තුළ දී වැඩි මිලකට මිලදී ගැනීම සම්බන්ධව විමර්ශනය සිදු වන බව එහි ප්‍රකාශකයකු කියා සිටී.

ඒ අනූව එවකට එහි හිටපු වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වනු ඇත.

වැඩිමිලට අධිශීතකරණ හා ශීතකරණ මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ විමර්ශන වලට අදාළව රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය දින කිහිපයක් කොමිසම හමුවට කැඳවා සාක්ෂි සටහන් කර ගත් බව ද එහි ප්‍රකාශකයා සඳහන් කළ අතර, ඇයට අදාළ වෛද්‍යවරයාගෙන් තර්ජන එල්ල වූ බවට ද පසුගිය දින වලදී දැඩි කථා බහට ලක්විය.

එළඹෙන 23 වන දා මූලික විමර්ශන සඳහා නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සුධීර චතුරංග මහතාව ද කොමිසම හමුවට කැඳවා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More