ආනයනික පලතුරු වර්ග කිහිපයක වසවිස තිබෙන බවට රස පරීක්ෂකවරයා ප්‍රකාශ කර තිබියදී එවැනි දෙයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කිරීම ජනතාව අතරමං කිරීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ආනයනික පලතුරු වර්ග කිහිපයක වසවිස ඇත්දැයි සෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් සිදුකර තිබෙනවා නම් එය වහාම රටට හෙළි කළ යුතු බවත්, එහෙත් එවැනි පරීක්ෂණයක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පහසුකම් නොමැති බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
ආනයනික කිරිපිටවල වසවිස තිබෙන බවට හෙළි වී තිබියදීත් එවැනි දෙයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු කිහිප දෙනෙකු ප්‍රකාශ නිකුත් කරමින් ජනතාව අතරමං කර දැමූ බවද ඔහු කියා සිටියේය.
අද (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ආනයනික ඇපල්, දොඩම් සහ මිදිවල පළිබෝධනාශක සංඝටක ඇතැයි රස පරීක්ෂකවරයා ප්‍රකාශ කර තිබෙන්නේ පාර්ලිමේන්තු ගිණුම්කාරක සභාවට බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...