දේශීය පුවත්

ආබාධ සහිත පුද්ගලයන්ට රජයේ ගොඩනැගිලිවලට ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය පහසුකම් නොසැපයීම මඟින් රජය ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කොට ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අමාත්‍යාංශ සහ පළාත් පාලන ආයතන යටතේ මින් ඉදිරියට ඉදිවන සෑම ගොඩනැගිල්ලක්ම ආබාධ සහිත පුද්ගලයන්ට ප්‍රවේශ වීමේ පහසුකම් සහිතව ඉදිකළ යුතු බවට අද (18දා) නියම කළේය.

ආබාධ සහිත පුද්ගලයෙකු වන ආචාර්ය අජිත් සී. පෙරේරා මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව එලෙස නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය ආබාධ සහිත පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතූවෙන් අජිත් සී. පෙරේරා මහතාට රුපියල් 50,000ක මුදලක් නඩු ගාස්තු වශයෙන් ගෙවීමට රජයට නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

අබාධ සහිත පුද්ගලයන්ට රජයේ ගොඩනැගිලිවලට ප්‍රවේශ මාර්ග නොමැති හෙයින් මෙම රෙගුලාසි සහ රීතිවලට අනුකූල නොවන ගොඩනැගිලි සැලසුම් අනුමත නොකළ යුතු බවට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම රෙගුලාසි කඩ කරන්නන්ට එරෙහිව නඩු පවරන ලෙස අමාත්‍යාංශවල ලේකම්වරුන්ට නියම කළේය.

ආචාර්ය අජිත් සී.පෙරේරා මහතා ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් සමාජ සේවා අමාත්‍යවරයා ලෙස කටුයතු කළ අමාත්‍ය දයා ගමගේ, පළාත් පාලන අමාත්‍යවරයා ලෙස කටුයතු කළ ෆයසර් මුස්තාපා, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, මහ නගර සභා සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, නගර සංවර්ධන අධිකාරිය සහ නීතිපතිවරයා නම් කොට ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More