ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහා අඛණ්ඩව සහය දෙන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා නැවත අවධාරණය කර තිබේ.
අන්තෝනියෝ ගුටේරස් මහතා මේ බව සඳහන් කර ඇත්තේ ඇමෙරිකාවේ නිල සංචාරයක නිරත වී සිටින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවු අවස්ථාවේදීය.
මෑත කාලීනව පැවති දේශපාලන අර්බුද විසඳ ගැනීම සම්බන්ධයෙන්ද මෙම හමුවේදී ගුටේරස් මහතා අවධානය යොමුකර ඇති අතර 1978 සිය ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය පිළිබඳවද සිහිපත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික හා සමාජ කවුන්සිලය අන්තෝනියෝ ගුටේරස් මහතා පසුගිය 16 වැනිදා කැඳවා තිබුණි.
මෙම සංචාරයට සමගාමීව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ යුනිසෙෆ් සංවිධානයේ ප්‍රධානී හෙන්රියෙටා එච් ෆෝර් මහත්මිය අතර සාකච්ඡාවක්ද නිව්යෝර්ක් නගරයේදී පවත්වා ඇත.
පූර්ව ළමාවිය සංවර්ධනයට අදාළ කරුණු පිළිබඳ දෙදෙනා සාකච්ජා කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...