විදේශ පුවත්

ලතින් ඇමරිකාවේ කෙනඩි‘ යැයි මහත් ගෞරවාදරයට පත්ව සිටි පේරු හි හිටපු ජනපති ඇලන් ගාෂියා, පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට යාමේදී හිසට වෙඩි තබාගෙන සිය දිවි නසා ගත්තේය.

වෙඩි තබාගැනීමෙන් අනතුරුව වහාම රෝහල් ගත කළ ද ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකි වූයේ නැත.

බ්‍රසීල ඉදිකිරීම් ආයතනයකින් අල්ලස් ලබා ගත් බවට ඔහුට විරුද්ධව චෝදනා එල්ල වී තිබූ අතර ඔහු විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබිණි.මෙම අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය වාර්තා වූයේ ඉන් අනතුරුව ය.

ඇලන් ගාර්ෂියා 1985 සිට 1990 දක්වා සහ 2006 සිට 2011 දක්වා කාලය අතර තුර පේරු හි ජනාධිපති ධුරය දෙවරක් හෙබවීය.

ඔහුගේ සිය දිවි නසා ගැනීමත් සමග ඔහුගේ අධාර කරුවෝ රෝහල ඉදිරියේ සහ පේරු හී අග නුවර වන ලීමා හී පොලීසිය අවට රැස්වී සිටිති.

ඔහු සිය දිවි නසා ගැනීමට පෙර ඔහුව අත් අඩංගුවට ගැනීම සදහා ආරක්ෂක නිළධාරීන් යමින් සිට ඇත. ආරක්ෂක නිළධාරීන් ළගා වූ අවස්ථාවේ ඔහු ඔවුන්ගෙන් තමන්ට දුර කථන ඇමතුමක් ලබා ගැනීමට අවශ්‍ය බව පවසා සිය කාමරය වෙත ගොස් දොර වසා ගැනීමෙන් අනතුරුව මෙසේ වෙඩි තබා ගෙන ඇති බව ද වාර්තා වේ.

1949 වසරේ මැයි මස 23වන දින උපත ලබා ඇති ඇලන් ගාර්ෂියා සමාජවිද්‍යාව සහ නීතිය හැදෑරූ අයෙකි. මෙතෙක් ඉතිහාසයේ පේරුහී ජනපති ධූරය දිනූ ලාබාලතම ජනපතිවරයා ඔහු විය. ඒ වයස අවුරුදු 36 දීය. චතුර කථිකයෙකු වූ නිසාම ලතින් ඇමරිකානු කෙනඩි යන නම ඔහුට පට බැඳී තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More