දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයට එරෙහිව කුමන්ත්‍රණ කරමින් පක්ෂය තුළ ප්‍රශ්න ඇති කිරීමට කිසිවකු හෝ උත්සාහ දරන්නේ නම් ඊට තමන් කිසිසේත් ඉඩ නොතබන බව විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් දැඩි ප්‍රහාරාත්මක ප්‍රකාශයක් පෙරේදා දිනයේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කර තිබිණි. ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් රවී කරුණානායක මහතා පැවසුවේ පිස්සු බල්ලෙකු හපා කෑවත් තමන් පිස්සු බල්ලාව හපා කෑමට නොයන බැවින් ඒවාට පිළිතුරු දීම අනවශ්‍ය බවය.

එසේම පක්ෂයේ විනයක් සහ ගෞරවයක් තිබෙන බවත් සිහිපත් කළ ඒ මහතා එය රැකීමට සියල්ලන් බැඳී සිටින බවත් ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයෙන් හෝ චන්ද්‍රිකා මැතිණියගේ පක්ෂයෙන් හෝ ඕනෑම තැනකින් පැමිණෙන කවරෙක් හෝ එක්සත් ජාතික පක්ෂයට ද්‍රෝහී වන්නේ නම් තරාතිරමක් නොබලා තමන් ඊට එරෙහිව ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

එමෙන්ම එක් අයකුගේ දෙදෙනෙකුගේ කකුලේ එල්ලී කුමන්ත්‍රණ කරමින් පක්ෂය තුළ ප්‍රශ්නයක් ඇති කිරීමට ද කිසිවකුට ඉඩ නොදෙන්නේ යැයි තමන් ඉතාමත් ඕනෑකමින්, වගකීමෙන් සහ ආඩම්බරයෙන් ප්‍රකාශ කරන බවත් රවී කරුණානායක මහතා පැවසීය.

රවී කරුණානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (17) මඩකලපු ප්‍රදේශයේදී මාධ්‍ය අමතමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More