දේශීය පුවත්

පසුගිය13වැනිදා සිට ඊයේ (17දා) දක්වා කාලය තුළ සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 42 දෙනෙකු මියගොස් තිබේ. Nමෙම කාලය තුළ අනතුරු 31ක් සිදුව තිබේ.

මෙම අනතුර නිසා පිරිමි පුද්ගලයන් සිවු දෙනෙකු, කාන්තාවන් තිදෙනෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු මියගොස් තිබෙන අතර, අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු රෝහල්ගතකර තිබේ.

බදුල්ල ප්‍ර‘දේශයේ සිට මහියංගණය දෙසට ගමන් කළ වෑන් රථයේ ගැටී තිබෙන්නේ ත්‍රිකුණාමලය සිට දියතලාව බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකි.

මීට අමතරව පෙරේදා දඹුල්ල කණ්ඩලම ප්‍ර‘දේශයේදී සිදුවූ ත්‍රිරෝද රථ – වෑන් රථ අනතුර නිසා එකම පවුලේ දියණිය සහ පුතා මියගොස්, ත්‍රි‘රෝද රථය පැදවූ පියා තුවාල ලබා රෝහල්ගතකර තබේ.

15 වැනිදා කොලොන්න සූරියකන්ද ප්‍ර‘දේශයේදී ත්‍රි‘රෝද රථයක් පාරෙන් ඉවතට පැන සිදුවූ අනතුරක් හේතුවෙන් පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් මියගොස් ඇත.

මීට අමතරව ඇඹිලිපිටිය, එගොඩඋයන, කහටගස්දිගිලිය, මැදවච්චිය, හලාවත, දික්වැල්ල, බදුරලිය, ආරච්චිකට්ටුව, රුවන්වැල්ල, මාවතගම, තඹුත්තේගම, පේදුරුතුඩුව, අම්බලන්තොට, මොණරාගල, වාරියපොළ, බණ්ඩාරගම, විල්ගමුව, දඹුල්ල, ඔඩ්ඩුසුඩ්ඩාන්,ඌවපරණගම, සීගිරියසහ අඹන්පොල යන ප්‍රදේශවල අනෙක් අනතුරු සිදුව තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More