හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකානු අධිකරණයේ පවරා ඇති නඩුව විවෘත කිරීමට එරට අධිකරණය පියවර ගෙන ඇති බව ජනමාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව නැමැති ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානය පැවසුවේය.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකදී ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ අමෙරිකාවේ සිටින තම නීතිඥයින් අදාළ නඩුව පෙනී සිටිමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
ජනමාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව නැමැති ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානය අද සිය නිල වෙබ් අඩවිය හරහා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ මාධ්‍යෙව්දී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකානු අධිකරණයේ පවරා ඇති නඩුව විවෘත කිරීමට එරට අධිකරණය පියවර ගෙන ඇති බවයි.
කැලිෆෝනියා මධ්‍යම දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරයෙකු විසින් මෙම නඩුව විවෘත කර ඇති බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...