ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවන් ලෙස සේවය කරන දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න විසින් නිර්මාණය කරන ලද රාවණ 1චන්ද්‍රිකාව හෙට (18) අළුයම 02.16ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට මුදාහැරීමට නියමිතය.
එම චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ඇමරිකාවේ වර්ජිනියාහිදී අභ්‍යවකාශයට එක්වනු ඇති.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර 400ක් දුරින් කක්ෂගත කිරීමට නියමිතව තිබේ.
නිර්මාපකයන් පවසන පරිදි මෙය ඝනක චන්ද්‍රිකාවක් වන අතර ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවකි. මෙම චන්ද්‍රිකාව මඟින් ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම සිදුකරන අතර චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම, පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම,කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම පිළිබඳ අත්හදා බැලීම,ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ‘ලෝරා මොඩියුල්’ නමැති මෘදුකාංගය අත්හදා බැලීම ආදිය සිදුකිරීමට නියමිතය.
මෙම චන්ද්‍රිකාව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ නිර්මාණය කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...