දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා පසුගිය දිනක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ගොස් තිබුණේ දැනට අර්බුදයට ලක්ව ඇති ස්වාධීන රූපවාහිනී සහ ජාතික රූපවාහිනී යන රාජ්‍ය මාධ්‍ය ආයතන දෙකේ ප්‍රධානීන් ඉවත් කර වෙනත් පුද්ගලයින් පත් කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය.

කලින් වෙන්කරගත් නියමිත වේලාවට ඔවුන් දෙදෙනා ජනාධිපතිවරයා හමුවීමට යද්දී ඔවුන්ට දැක ගැනීමට ලැබුණේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා සමඟ ඉතාම සමීපව සුහදව පෞද්ගලික කතාවක යෙදී සිටින අන්දමයි.

විශේෂ සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍යවරයා සහ එජාප සභාපතිවරයා පැමිණ සිටියදීවත් ඔවුන්ට ඒ සඳහා ඉඩ සලසා දෙමින් ඉවත්ව යාමට කිසිදු සූදානමක් සජිත් ප්‍රේමදාස මහතාට තිබුණේ නැත.

අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබුණේ රටේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතරය. එනම්, රටේ පළමු සහ දෙවන පුරවැසියන් දෙදෙනා අතරය. අග්‍රාමාත්‍යවරයා තමන්ගේ පාර්ශ්වයෙන් ඊට තම පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතාව ද තෝරාගෙන තිබිණි. එතැනට සජිත් ප්‍රේමදාස මහතාගේ වුවමනාවක් තිබී නොමැති වන්නේ එසේ වුවමනා වූවා නම් අග්‍රාමාත්‍යවරයා ඔහුවත් කලින්ම දැනුම් දී ඒ සඳහා කැඳවන නිසාය.

එවන් වටපිටාවක් තුළ තමන්ගේ පක්ෂයේ නායකයා මෙන්ම රටේ අග්‍රාමාත්‍යවරයා සහ පක්ෂ සභාපතිවරයා ජනපති සමඟ සාකච්ඡාවකට පැමිණ සිටියදී එතැනින් ඉවත්ව යායුතු බව තේරෙන්නට තරම්වත් දේශපාලනික දැනුමක් හෝ අවම විනයක් නොමැති නම් එය පැහැදිලිවම ළදරු හැසිරීමකි. වෙනෙකක් තබා එහි රැඳී සිටින ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන්නත් එතැනින් නැගිට යන්නට සජිත් ප්‍රේමදාස දැනගත යුතුය.

එහෙත් සජිත් ප්‍රේමදාස මහතා තමන්ට ආරාධනා නොකෙරුණු සාකච්ඡාවක් පැවැත්වෙන අවස්ථාවක ඉන් ඉවත්ව නොයා බලෙන්ම මෙන් සහ ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කරන්නක් මෙන් එහි රැඳී සිටිම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලවත් අප්‍රසාදයට පත්ව ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එසේම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සජිත් ප්‍රේමදාස මහතා සමඟ සමීප සම්බන්ධයක් පවත්වාගෙන යමින් තමන්ට අවශ්‍ය ආකාරයට ඔහුව එජාපය තුළ නටවන බව මේ වනවිට ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ. පසුගිය කාලය පුරාවටම බොහෝ ස්ථානවලදී මේ දෙදෙනා ප්‍රසිද්ධියේ එකිනෙකාගේ පිට කසාගන්නා ආකරය ද දක්නට ලැබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More