දේශීය පුවත්

“මහා සංඝරත්නයේ යුතුකම ගුණ ගරුක පිරිසිදු නායකයන්ට ආශිර්වාද කිරීම” යැයි කථානායක කරු ජයසූරිය මහතා අමරපුර මහා නිකායේ විශේෂ ගෞරව සම්මානයට නිර්දේශ කරමින් අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියෝ පැවසූහ.

දෙස් විදෙස් වශයෙන් වැඩවසන ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ පාර්ශවයන් විසි දෙකකට අයත් දහසය දහසකට අධික දැන උගත් භික්ෂුන් වහන්සේ ගුණ ගරුක පිරිසිදු මහජන සේවකයෙක් ලෙස කථානායක කරු ජයසූරිය මහතා කෙරෙහි විශාල පැහැදීමක් ඇති බවත් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව ඒකමතිකව කථානායකවරයා වෙත ගෞරව සම්මාන පිරිනැමීමට තීරණය කරන ලද්දේ මව්බිම වෙනුවෙන් සේවය කරන එවන් පුද්ගලයන් අගය කිරීම විශාල යුතුකමක් කොට සලකා බවත් උන්වහන්සේ කියා සිටියහ.

දේශපාලඥයන් පිළිබඳව කතා කරන විට සාමාන්‍ය ජනතාව පමණක් නොව බහුතර මහා සංඝරත්නයද මුහුණ අඳුරු කරගන්නා තරමට දේශපාලනය පිරිහී ඇති යුගයක නැවතත් සාරධර්ම පිරි රටක් බිහිකිරීම උදෙසා කරු ජයසූරිය වැනි නායකයන් කෙරෙහි සංඝයා වහන්සේ මෙන්ම සාමාන්‍ය ජනතාවද විශාල බලාපොරොත්තු තබා ඇති බවද මහා නාහිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (16) පස්වරුවෙහි ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථ උපෝසථාගාරයේදී ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ විධායක කාරක මහා සංඝ සභාව රැස්වූ අවස්ථාවේ දීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More