දේශීය පුවත්

ආනයනික පලතුරුවල පළිබෝධනාශක සංඝටක ඇති බවට ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලින් මෙතෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍යඅමාත්‍යාංශය නිවේදනය කළේය.

එමෙන්ම එළවළු, පලතුරු හා තෙල්වර්ගවල සිදු කළ පරීක්ෂණ වාර්තා ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

සෞඛ්‍ය,පෝෂණ හාදේශීය වෛද්‍ය අමාත්‍යරාජිත සේනාරත්නමහතාගේ උපදෙස් මත අමාත්‍යාංශයේ වෘත්තීය ආහාර සුරක්ෂිතතා ඒකකය විසින් එම පරීක්ෂණසිදු කරන ලදී.

ගුවන්තොටුපොළේ දී සහ වරායේ දී ලබාගත් ආනයනය කරන පලතුරු වර්ගවල සාම්පල පරීක්ෂාවටලක් කළබව එම ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සපුමල් ධනපාල මහතා සඳහන් කළේය.

එසේම ආනයනික ඇපල්, මිදි හා දොඩම්වල පරීක්ෂා කළ සම්පලවල ශ්‍රී ලංකාවේ තහනම් පළිබෝධ සංඝටක අඩංගු බවට රජයේ රසපරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ගිණුම් කාරක සභාව පසුගියදා ප්‍රකාශ කරන ලදී.

2018 වර්ෂයේ සිදු කළ පරීක්ෂණවලදී එවැනි පළිබෝධනාශක සංඝටක ආනයනික පලතුරුවල අඩංගු වී නොතිබුණු බව අධ්‍යක්ෂවරයා සඳහන් කළ බවද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නියොජිතයකු සදහන් කලේ ආනයනික පලතුරුවල පළිබෝධනාශක සංඝටක ඇති බවට වාර්තා පල වන බවත්ය. එම ප්‍රවෘත්තිය මෙතනින් කියවන්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More