දේශීය පුවත්

කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ අද (17) පස්වරුවේ හදිසියේ හටගත් අධික වැසි සහිත කාළගුණික තත්වය හේතුවෙන් එහි ගොඩ බෑමට පැමිණි ගුවන් යානා 5 ක් වෙනත් ගුවන් තොටුපළවල් වෙත යොමු කිරීමට ගුවන් තොටුපළ බලධාරීන්ට සිදු විය .

අද පස්වරු 4.00 ට පමණ හදිසියේම හටගත් අධික අකුණු ගැසීම් , දැඩි සුළං සහිත ධාරාණිපාත වැසි තත්වය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් මෙම ගුවන් යානා 5 ආරක්ෂිත පියවරක් ලෙස වෙනත් ගුවන් තොටුපළ වෙත යොමු කර තිබේ .

එයින් ගුවන් යානා 4 ක් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ යොමු කර තිබේ .

එනම් මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට පැමිණි යූ.එල්.- 315 දරණ ගුවන් යානය, ඉන්දුනීසියාවේ ජකාර්තා සිට පැමිණි යූ.එල්.- 365 දරණ ගුවන් යානය සහ සිංගප්පූරුවේ සිට පැමිණි යූ.එල්.- 303 දරණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 3 සහ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරණ ගුවන් යානයයි.

මෙම ගුවන් යානා පිළිවෙලින් සවස 5.12 , 5.33 , 5.51 සහ 5.59 යන වේලාවන්ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්සවා තිබිණි.

ඊට අමතරව ඉන්දියාවේ මදුරෙයි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 140 දරණ ගුවන් යානය ආපසු මදුරෙයි වෙතම හරවා යැවීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ .

මෙම කාළගුණික තත්වය නිසා ප්‍රදේශය පුරා විදුලිය බිද වැටී ඇති අතර , ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ ගස් කඩා වැටීම් සහ කාණු පද්ධති උතුරා යෑමෙන් අපහසුතාව මතු වී තිබේ .

මේ අතර මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කළ ගුවන් යානා වල සිටි මගීන් කිසිවෙකුත් එම ගුවන් යානා වලින් පිටතට නොබැස්සවූ එම ගුවන් තොටුපළ බලධාරීන් අද (17) පස්වරු 6.25 සිට යළිත් එම ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ වෙත පිටත් කර එවීමට කටයුතු කරමින් සිටිති .



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More