උගේ නම භාෂිත් රණවීර.කොළඹට එන ඕනිම එකෙක් එන්නේ මාලිගාවත්තේ ඌ හදපු උකුස්සාවයි යකඩ අස්වයාවයි පහු කරගෙන.වීසි කරන යකඩ කෑලි ඇණ කෑලි ප්ලග් කෑලි එකතු කරලා ලස්සන නිර්මාණ කරන ඌ ගැන ආටිකල් එකක් හරි උඹලා කියවලා අැති.වෑල්ඩිං කූරුයි ඇණ මුරිච්චියි එක්ක දවසම ගෙවන එකෙක් කියලා උඹලට හිතිලා ඇති..
හැබැයි මලකඩ එක්ක ජීවත් උනාට ඌ කැමතිම නිල්පාට අහසකටයි කොළපාට පොලවකටයි කියලා උඹලා හිතන්නවත් නැතුව ඇති….
විල්පත්තුව රැකගනිමු කියලා පිකටින් කරාට,ප්‍රොෆයිල් පික්චර් මාරු කරාට ආපහු විල්පත්තුව ඒ විදිහටම නිල්පාටින් බබලයි කියලා උඹලා පැත්තකට උනා.තව පිරිසක් වතුර බිංඳුවක් වත් නැති කාලෙක ගිහින් පැල හිටවලා ආවා.හැබැයි භාෂිත් ගෙදර පැල තවන් දාලා පැල 2500කට වඩා හදලා මේ වැසි සමය ආරම්භයේ හිටවන්න වන අඩවි කාර්යාලයෙන් අවසරත් අරං මේ 18 වෙනිදා පොල්ගහවෙලින් පිටත් වෙනවා.
අප්‍රේල් 18,19,20,21 යන දවස්ටික free නම් මේ වැඩේට
දේශපාලනික හා.. ජාතිවාදය යන අදහසින්.. තොරව උන් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් එවුන් වරෙල්ලා…
2019- 04-18 දින කුරුණෑගල පොල්ගහවෙලින්
මීපැල 2500 කුත්
නාරම්මල ,වාරියපොල මාර්ගය ඔස්සේ හෙට්ටිපොළ හරහා කොබෙයිගනේ නගරය ටත් ඉන්පසුව .. නිකවැරටිය නගරය හරහා..
ආනමඩුව ඔස්සේ පුත්තලම හා එලුවන්කුලම නරගය පසු කර වනාතවිල්ලුව ආශ්‍රිත ව විල්පත්තු රක්ෂිතය ආසන්නයේම නවාතැන් ගන්නවා..
පසු දින (04-19)නොච්චියාගම නගරය තුලින් ලබා ගන්නා සම්පත් දායකත්වයත් එක්ක උදෑසන 9 ට විතර රුක් රෝපණ වැඩසටහන පටන්ගන්නවා… එදා හවස 4 ට විතර එදා දවසට කාර්ය ඉවර කරලා, නවාතැන් පලට ඇවිත් එදිනට
පහුවදා.. (04-20)දවසේ උදෙන්ම පෙර පරිදිම වැඩේපටන් ගන්නවා ..
අප්‍රේල් 21 දවසේ රෝපණය කල පැලවල ප්‍රගතිය බලලා
එම පැල යුධ හමුදා ව සහ පොලිසිය යන අායතන වලට හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මන්නාරම් දිසා අධ්‍යක්ෂ තුමාට බාර දීලා ඊට පස්සේ
කොළඹ බලා එනවා…
මේ කාර්යට සක්‍රීය දායතකත්වය ලබා දෙන්න හරි.. එම ගමන් මාර්ගයේ දී උන් එක්ක එකතුතු වෙන්න පරිසර හිතැති මිනිස්සුන්ට ඌ උගේ දෑතම දිගු කරනවා.උන්ට ගෙනියන්න පැලයක් , වතුර බෝතලයක්,හරි මොනම විදිහකින් හරි උදව්වක් කරන්න පුළුවන් එවුන් මේ නම්බර් වලට කතා කරලා සම්බන්ධ වෙයල්ලා…මේ පෝස්ට් එක share කරලා තව කෙනෙකුට පණිවිඩය දෙන්න පුළුවන් නම් ඒකත් ලොකු සහයෝගයක්..
#වරෙන්…
බුකියෙන් එලියට ..
අපි අපේ රට රකිමු..?
භාෂිත් රණවීර – 0712545980
0712982838- thilina gunawardhana
0774343046-mihiran
Buwaneka
071 1078867
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...