කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී එහි හාම්පුතුන් වෙතින් විවිධ හිරිහැර, කරදරවලට ලක් වූ කාන්තාවන් 26 දෙනෙකු අද (17දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මොවුන් තම සේවා කටයුතු වල නියැලී සිටියදී, එම නිවෙස් වලින් මෙසේ හිරිහැර, කරදර සිදුවීමෙන් පසු ,ඔවුන් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ තිබූ අතර, ඉන්පසු එහි ” සුරක්ෂා” රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසකි.
මොවුන් සියලු දෙනා තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ පැමිණ තිබූ අත , ඔවුන් මෙරටට පැමිණීම සඳහා ඔවුන්ගේ වියදමින් ගුවන් ටිකට් පත් මිලදී ගෙන තිබුණි.
මෙම පිරිස අතුරින් දෙදෙනකු පමණක් කුවේටයේ අවුරුදු 01 ත් අවුරුදු 02 ත් අතර ගෘහ සේවයේ නියැලී සිටි අය වන අතර, ඉතිරි 24 දෙනාම වසරකට අඩු සේවා කාලයක් හිමි තැනැත්තියන් වේ.
මොවුන් අතුරින් 05 දෙනෙකු මෙසේ ඔවුන්ට අත්විදීමට සිදු වී තිබූ හිරිහැර , කරදර නිසාම රෝගාතුර වී සිටි අය වූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...