මහියංගනය-බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරියේදි අද (17)අලුයම 1.30 ට පමණ වෑන් රථයක් හා බස් රථයක් ගැටී සිදුවූ අනතුරකින් වෑන්රථයේ ගමන් කළ පුද්ගලයන් 10 දෙනෙක් මියගොස් ඇතැයි මහියංගනය පොලීසිය පවසයි.
දියතලාව සිට ත්‍රීකුණාමලය දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලික බස් රථයේ මුහුණට මුහුණ ගැටී ඇති වෑන් රථය බස් රථයේ මීටරයක් පමණ ඇතුළට ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
වෑන් රථයේ 12 දෙනෙක් ගමන්කර ඇති අතර ඉතිරි දෙදෙනාගේද තත්ත්වය බරපතළ බව මහියංගනය මූලික රෝහලේ ප්‍රශකයෙක් සඳහන් කළේය.
වැඩිහිටියන් 7 දෙනෙක් හා ළමුන් තිදෙනෙක් මෙසේ මරණයට පත්ව තිබේ.
මළසිරුරු මහියංගන මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
වෑන් රථයේ රියදුරා නින්ද ගොස් මාර්ගයේ වැරැදි මං තිරුවට ධාවනය වීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.
බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත හා සහකාර පොලිස් අධිකාරි එස්.පී.කේ .ගාල්ලගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත මහියංගනය පොලිසිය විමර්ශන සිදුකරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...