දේශීය පුවත්

පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස මාස හයක කාලයක් සඳහා රුපියල් කෝටි 53ක් වටිනා මෙගාවොට් 100ක විදුලි ධාරිතාවක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

පෞද්ගලික බලාගාර තුනකින් කිලෝවොට් ඒකකයක් සඳහා රුපියල් 28.70ක අගයක සිට රුපියල් 30.63ක අගයක් දක්වා වන පරාසයක මෙලෙස හදිසි විදුලිය මිලදී ගැනීමට නියමිතය.

ඒ අනුව පල්ලෙකැලේ ග්‍රිඩ් උපපොළ සඳහා මෙගාවොට් 24ක් හා ගාල්ල ග්‍රිඩ් උපපොළ සඳහා මෙගාවොට් 10ක් විදුලිය කිලෝවොට් එකක් රුපියල් 30.20ක අගයක් යටතේ එංගලන්තයේ %අග්‍රිකෝ^ සමාගමෙන් මිලට ගැනීමට නියමිතය. ඒ සඳහා වන වියදම රුපියල් මිලියන 184.8කි. (34x1000x30.2×180 = 184,824,000)

මහියංගණය ග්‍රිඩ් උපපොළ සඳහා මෙගාවොට් 10ක් විදුලිය කිලෝවොට් එකක් 30.58ක මුදකට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ%අල්ටාකා ඕල්ටර්නේටිව් සොලූෂන්^ සමාගමෙන් මිලදී ගැනීමට නියමිතය. ඒ සඳහා පිරිවැය රුපියල් මිලියන 55කි. (10x1000x30.58×180= 55,044,000)

පොළොන්නරුව ග්‍රිඩ් උපපොළ සඳහා මෙගාවොට් අටක් විදුලිය කිලෝවොට් එකක් 30.63ක මුදකට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ%අල්ටාකා ඕල්ටර්නේටිව් සොලූෂන්^ සමාගමෙන් මිලදී ගැනීමට නියමිතය. ඒ සඳහා පිරිවැය රුපියල් මිලියන 44.1කි. (8x1000x30.63×180= 44,107,200)

හම්බන්තොට ග්‍රිඩ් උපපොළ සඳහා මෙගාවොට් 24ක් විදුලිය කිලෝවොට් එකක් 28.43ක මුදකට හොංකොංහි %වී පවර්^ සමාගමෙන් මිලදී ගැනීමට නියමිත අතර, ඒ සඳහා පිරිවැය රුපියල් මිලියන 122.8කි. (24x1000x28.43×180= 122,817,600)

හොරණ ග්‍රිඩ් උපපොළ සඳහා මෙගා වොට් 24ක් විදුලිය කිලෝවොට් එකක් 28.70ක මුදකට හෙංකොංහි %වීපවර්^ සමාගමෙන් මිලදී ගැනීමට නියමිත අතර, ඒ සඳහා පිරිවැය රුපියල් මිලියන 123.9කි. (24x1000x28.70×180= 123,984,000)

මේ අනුව මිලදී ගන්නා විදුලිය මෙගාවොට් 100 වෙනුවෙන් රුපියල් මිලියන 530.6ක් (184.8+55+44.1+122.8+123.9= 530.6) ගෙවීමට රජයට සිදුව තිබේ.

කෙසේ වෙතත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පෙරේදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වූයේ විදුලි අර්බුදය වෙනුවෙන් මෙගාවෝට් 500ක විදුලියක් විදුලි ඒකකයක් රුපියල් 27ක් වැනි මුදලකට මිලදී ගැනීමට නියමිත බවයි.

කෙසේ වෙතත් එදිනම පැවැති කැබිනට් රැස්විමේදී අනුමැතිය ලබාදී ඇත්තේ විදුලිය මෙගා වොට් 100ක ප්‍රමාණයක් මිලදී ගැනීම වෙනුවෙනි.

සැලිකිය යුතුයි – මෙගාවොට් එකකට කිලෝවොට් 1000කි. මාසයකට දින 30ක් ලෙස ගෙන මාස හයක කාලයක් සඳහා දින 180ක් ලෙස ගණනය කිරීම්වලට යොදාගෙන තිබේ. මොගාවොට් 100ක් දිනකට මිලදී ගන්නා ලෙස සලකමින් මෙම ගණනය කිරීම් කර තිබේ.

ada



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More