දේශීය පුවත්

සිය ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණයක් ගෙන නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

පක්‍ෂයේ ඇතැම් පිරිසකට ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳව මතය විමසීමට අවශ්‍යතාවක් තිබුණද ඒ පිළිබඳව ජනාධිපතිවරයා මේ වනතෙක් කිසිදු ප‍්‍රකාශයක් කර නොමැති බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

ඇතැම් අයට ජනාධිපතිවරණය කල්දමා මහ ඡන්දයකට යෑමට අවශ්‍ය වීම නිසා යම් යම් උපදේශකයන්ගේ අවශ්‍යතා මත මෙවැනි ප‍්‍රකාශ සිදුකරන බවද කී මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයාගේ ධුර කාලය ජනවාරි 8 දා සහ මැයි 15 වැනිදා ද යන්න ප‍්‍රකාශ කිරීමට හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ මැතිවරණ කොමිසමට බවද වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More