දේශීය පුවත්

කොටි අවි ආයුධ ජාලයේ දෙවැනියා වූ සුබ‍්‍රමනියම් සිවකුමාරන් හෙවත් මැලේසියා රාජන් ඇතුළු ප‍්‍රබල කොටි පස්දෙනෙක් සාක්කි නොමැති නිසා රජය නිදහස් කර ඇත.

මෙලෙස මුදාහැර ඇත්තේ ති‍්‍රකුණාමල කොටි හමුදා නායකයාව සිටි වර්මන් සිවසුබ‍්‍රමනියම් හෙවත් පදුමන්, රාජෙන්ද්‍රන් කරුනාකරන් හෙවත් ප‍්‍රදීප මාස්ටර්, කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක සංකරලිංගරාසා ගුශාන්තන්, කොටි පරිගණක ඒකකයේ ප‍්‍රධානියාව සිටි සුබ‍්‍රමනියම් මනිවන්නන් හෙවත් මැලේසියා මනිවන්නන් සහ ලන්ඩන්නුවර කොටි අරමුදල් ප‍්‍රධානියාව සිටි කයිලන් කනගරත්නම් හෙවත් ලන්ඩන් කයිලන් නමැති හිටපු ත‍්‍රස්ත නායකයන්ය.

මෙම හිටපු කොටි කි‍්‍රයාකාරීන් මුදාහැරීම ගැන රජය කිසිදු තොරතුරක් ජනතාවට හෙළිකර නැත.

මොවුන් අතරින් කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක ගුශාන්තන්ව මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන රහසිගත මෙහෙයුමකින් මෙරටට එවනු ලැබුවේ අබිරහස් මරණයකට ගොදුරුවූ මේජර් ජෙනරාල් සුමිත් මානවඩුයි.

මේ අතර කොටි බුද්ධි සේවාවට සම්බන්ධ කපිතාන්් ඉන්දික සංජීවද මුදාහැර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More