දේශීය පුවත්

ආණ්ඩුවට එරෙහිව පුළුල් සන්ධානයක් ගොඩනැඟීම සඳහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව තුළ සිටින දේශපාලන පක්‍ෂ කිහිපයක් සමග ද සාකච්ඡා පවත්වමින් සිටින බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

මෙම දේශපාලන පක්‍ෂවලට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්‍ෂ හා සංවිධාන කිහිපයක් සමගද සාකච්ඡා පවත්වා තිබෙන බවද හෙතෙම පැවසීය.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අතර මේ වන විට පැවැත්වෙන සාකච්ඡාවලට අමතරව මෙම දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡා කෙරෙනු ඇත.

පුළුල් සන්ධානයක් ගොඩනැඟීම පිළිබඳව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අතර මේ වන විට සාකච්ඡා වට තුනක් පැවැත්වී තිබෙන අතර මීළඟ සාකච්ඡාව මැයි 9 වැනිදා පැවැත්වීමට දෙපාර්ශවය තීරණය කර තිබේ.

මෙම සාකච්ඡාවේදී එකඟ වූ ප‍්‍රතිපත්තිමය කාරණා 25 එම පක්‍ෂ දෙකේ නායකයන්ගේ හා පක්‍ෂ මධ්‍යම කාරක සභාවලත් ප‍්‍රධාන පක්‍ෂ දෙක නියෝජනය කරන අනෙකුත් පක්‍ෂවලත් අනුමැතියට ඉදිරිපත් කර ඒ අනුමැතිය මත ඉදිරි සාකච්ඡා පැවැත්වෙන බව පක්‍ෂ දෙකෙහි නියෝජිතයෝ පැවසූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More