පුරවැසි කොලම

අද එනම් 2019 අපේ‍්‍රල් මාසයේ 14 වැනිදා පස්වරුවේ සිංහල අලූත් අවුරුද්ද උදාවීමට නියමිතය. මෙය කියවන දැය ලැදි කවර පාඨකයකු වුව මේ මොහොතේ සූදානමින් හිඳින්නේ ඒ වෙනුවෙනි. අතීතයේ මෙන් නොව වර්තමානයේ අවුරුදු කාලය ගතවිය යුතු ආකාරය තීරණය කරන්නේ දේශපාලන අධිකාරියයි. අවුරුදු එන්නට සති කිහිපයකට පෙරම විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ආකාරය ගැන අගනා පාඩමක් ආණ්ඩුව අපට කියා ඇත්තේය. ඊටත් අමතරව රටේ ආර්ථික ප‍්‍රශ්න සෑහෙන බරපතළ බැවින් ජනතාව පටි තදකරගෙනම සිටිය යුතු බව 2015 ජනවාරි 08 වැනිදා සිටම මේ ආණ්ඩුව අපට විටින් විට සිහිපත් කරන්නේය. ඒ නිසා අප අවුරුදු කෑ යුත්තේ ආණ්ඩුව කියනා හැටියටය. අපි අවුරුදු කෑම කෙසේ වෙතත් ආණ්ඩුව අවුරුද්දම කා දමන වගක් කියන්නට අපට හදිසියක් නැත. එහෙත් පෙනෙන්නට තිබෙන්නේ එවැනි අන්දමේ නොතේරෙන හුටපටයකි. අලූත් අවුරුද්දේ රටේ ජනතාවගේ ඔලූව තෝන්තු කරන්නට අපට අමුතුවෙන් වෙහෙසෙන්නට දෙයක් නැත. මන්ද, දැනටත් එය එසේම සිදුව ඇති බැවිනි. එකී මෙකී නොකී හැම දේටම ගඳ ගසනා දේශපාලනය ගෑවී ඇති මුත් අප එයින් වියුක්තව සිංහල අලූත් අවුරුද්ද ගැනම කතා කරන්නට උත්සාහ දරමු.

සූර්යයා මේෂ රාශියට සංක‍්‍රමණය වීමෙන් අවුරුදු චාරිත‍්‍ර ආරම්භ වේ. එහෙයින්ම එය සූර්යය මංගල්‍යයක් යැයි කියන තැනට ලඝු නොකළ යුතු බව අපේ විශ්වාසයයි. සිංහල අලූත් අවුරුද්ද යනු වසර දහස් ගණනක් තිස්සේ විවිධ චාරිත‍්‍ර මත පදනම්ව සංවර්ධනය වූ ජාතික උත්සවයකි. සිංහල ජාතිකත්වය කෙරෙහි සිංහල අලූත් අවුරුද්දේ ඇති බලපෑම අතිශය වැදගත්ය. නමුත් මේ වන විට සිංහල අලූත් අවුරුද්දේ ඇති ඒ උත්තරීතර බව එලෙසින්ම කි‍්‍රයාත්මක වන්නේ ද යන්න සිහි නුවණින් විමසා බැලිය යුත්තකි. සිංහල අලූත් අවුරුද්දට පෙර අපි ජනවාරි පළමු වැනිදා ද ‘‘අලූත් අවුරුද්ද’’ ලෙස සැළකීමට පුරුදුව සිටින්නෙමු. ජනවාරිය යනු බටහිර අප මත පටවනා ලද ‘‘කානිවල් – පාටි’’ සංකල්පයකින් යුත් කි‍්‍රයාවලියකි. ‘‘සිංහල අලූත් අවුරුදු උත්සවය’’ බක් මහ ‘‘සැණකෙළියක්’’ ලෙස අර්ථගන්වන්නට බොහෝ දෙනකු පුරුදුව සිටින්නේ ඉහත කී ‘‘ජනවාරි පාටියට’’ අනුගත වීමේ නරක ප‍්‍රතිඵලයක් ලෙසිනි.

වර්තමානයේ සමාජය තුළ ඇතිව තිබෙන වියවුල් සහගත තත්ත්වය කවරකුට වුව ‘‘පාටි සංස්කෘතියකට’’ එකඟවීමට බලකරන සුළුය. අතීතයේදී මෙන් නොව අවුරුද්දට ගම් රටවල් බලා යන අයට සිය පීඩන මානසිකත්වය තුරන් කරගැනීමේ අවස්ථාවක් නැත. එහෙත් අවුරුදු චාරිත‍්‍ර ඉටුකළ යුතු නිසාම අවුරුදු සමරති. ඊළඟට රූපවාහිනියේ දිස්වන අවුරුදු උත්සවයක් නරඹමින් අවුරුදු මිහිර විඳගැනීම බොහෝ දෙනකුගේ පුරුද්දය. වර්තමානයේ නෑගම් වෙනුවට යන්නේ ‘‘විනෝද චාරිකා’’ ය. ඒ සියල්ලෙහි ප‍්‍රධාන තැන ලැබෙන්නේ මධුසාදවලටය.

ඇත්ත වශයෙන්ම අවුරුදු චාරිත‍්‍ර වාරිත‍්‍ර වලින් අරුත් ගැන්වෙන්නේ අපේ ජීවිත හැඩගස්වා ගත යුතු ආකාරයයි. නොනගතය මොහොතේ සියලූ වැඩ අත්හැරීම යනු කුසීතව ඇඳට වී දිගින් දිගටම නිවාඩු ගැනීම නොවේ. කා, බී ගනුදෙනු හා වැඩ ඇල්ලීම යනු අවුරුද්ද පුරාම අපේ ජීවිත කළමනාකරණය කර ගැනීමේ න්‍යාය පත‍්‍රයයි. මේ නැකැත් චාරිත‍්‍ර පිළිවෙළින් විමර්ශනය කරන අයකුට පැහැදිලි වන එක්තරා කාරණයක් තිබේ. ඒ, එමගින් ඉදිරි වර්ෂය සඳහා ජවයෙන් පිරි මිනිසකු සූදානම් කරන බවය. අතට අහුවන හැම දේම කා, බී පදමට මත්වී රාති‍්‍රය පුරා පොල්ලෙන් ගැසුවා සේ නිදා සිට උදේ පාන්දරම තෙල් ඇඟ හොල්ලමින් ‘ජිම්’ එකට දුවන උදවියට මේ කතා අදාළ නොවන්නට පුළුවන. බොහෝ දෙනකුට එළැඹෙන සතියේ ද අඩියක් පුඩියක් ගසා නිවාඩු දමා අවුරුදු ‘ෆන්’ එක අඛණ්ඩව සතියක් දුවන්නට සිත්වන්නට පුළුවන. එහෙත් නිවාඩු තිබෙන නිසාම නිවාඩු ගෙන තවත් දවස් කිහිපයක් ගෙන අවුරුදු කෑම අප අර කී න්‍යාය පත‍්‍රයට අනුව සිංහලයාට ගැලපෙන්නේ නැත. සිංහලයා යනු ජවය ශක්තිය සපිරි කාලය උපරිම ලෙස භාවිත කරන්නෙකි. අද දවසේ ඔබ අදිටන් කරගත යුත්තේ එවැනි සිංහලයකු වීමටය.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More