දේශීය පුවත්

සිංහල හා ඉන්දු අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය යොමුකරමින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

“මේ අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු සමඟ ඉදිරියට යන ඔබෙන් කුඩා ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමි. ශ්‍රී ලාංකික ජන සමාජය සමග මුසුවී ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය උදෙසා ඔබට දායක විය හැකි ආකාරය පිළිබඳ සොයා බලන්න.

සම්පූර්ණ නිවේදනය මෙසේය…

සිංහල දමිළ අලුත් අවුරුද්ද අතිශයින්ම වැදගත් ජාතික උත්සවයක් වන අතර එය මෙරට පමණක් නොව විදෙස්ගතව ද සිටින මුළුමහත් සිංහල දමිළ ශ්‍රී ලාංකික ජනයා උත්සවශ්‍රීයෙන් සමරයි. අපගේ ඉසුරුමත් සංස්කෘතික උරුමය ලෝකය සමග හුවමාරු කර ගැනීමට හැකි වේදිකාවක් නිර්මාණය කරදෙන අලුත් අවුරුද්ද අප එකිනෙකා අතර සබඳතා ශක්තිමත් කරගැනීමට ද අවශ්‍ය පරිසරය සකසා දෙයි.

අලුත් අවුරුද්ද අලුත් ආරම්භයක හැඟීම් ජනිත කරවයි. සියළු අඩුපාඩු හා පසුබෑම් අතහැර රට ඉදිරියට ගෙනයාම සඳහා නව ජවයකින් යුත් කැපවීමක් සිත් තුළ ඇති කරයි. ඒ සඳහා සිතුවිලි මෙන්ම ක්‍රියාවන් ද ප්‍රගතිශීලි විය යුතුයි. අලුත් අවුරුද්ද ක්‍රෝධය, සතුරුකම්, සහ වැරදි වැටහීම් ඉවත්ව යන මිත්‍රත්වය, එකමුතුව හා සහයෝගිතාව පිළිබඳ අලුත් දැක්මක් ශ්‍රී ලාංකික සිත් සතන් තුළ ඇති කරයි. නව බලාපොරොත්තු පිළිබඳ නව අභිප්‍රායන් ඇති කරයි. ඒ අභිප්‍රායන් මුසුවූ බලාපොරොත්තු ශ්‍රී ලංකා මාතාව ඉදිරියට ගෙන යාමට ශක්තියක් වනු ඇත.

මේ අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු සමඟ ඉදිරියට යන ඔබෙන් කුඩා ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමි. ශ්‍රී ලාංකික ජන සමාජය සමග මුසුවී ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය උදෙසා ඔබට දායක විය හැකි ආකාරය පිළිබඳ සොයා බලන්න. ආකල්පමය පරිවර්තනයක් ශ්‍රී ලංකික ජන සමාජය තුළ ඇති කරන්න. එය අනෙකාගෙන් බලාපොරොත්තු වීමට පෙර ඔබෙන් පටන් ගන්න. ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය, ශ්‍රී ලාංකිකයන්ගේ මානුෂීය ගරුත්වය, සහ සුබ අනාගතය රඳා පවතින්නේ මේ ආකල්පමය පරිවර්තනයත් සමඟයි.

අලුත් අවුරුද්දේ අලංකාරය සහ සෞභාග්‍යය කිරි ඉතිරවීමෙන් සංකේතවත් කරන්නා සේම, අවුරුදු ක්‍රීඩා මඟින් එකමුතු බව සංකේතවත් කරන්නා සේම, මේ අලුත් අවුරුදු සමයේ ඔබ අපගේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් සියළු ශ්‍රී ලාංකිකයන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි මම හදවතින් සුබ පතමි.

මහින්ද රාජපක්‍ෂ
විපක්‍ෂ නායක



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More