දේශීය පුවත්

සිංහල හා දෙමළ නිවාඩුවෙන් පසුව අනපේක්ෂිත දේශපාලන හෙළිදරව් කිහිපයක් රට තුළ සිදුකිරීමට ඉඩ තිබෙන බවත් එය වර්තමාන ආණ්ඩුවට අනිවාර්යයෙන්ම තීරණාත්මක බලපෑමක් සිදු වනු ඇති බවත් දේශපාලන අංශවල වැඩි කතාබහක් පැතිර යමින් තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කරන්නට යන බව කියන යම් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සහ ගැනීමට නියමිත යම් යම් ක්‍රියාමාර්ග සමගම මෙම ක්‍රියාදාමය ආරම්භ වීමට ඉඩ ඇති බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය ගැන එම පරීක්ෂණ අවසන්වූ වහාම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රටට සුවිශේෂී හෙළිදරව්වක් කිරීමට නියමිත බවද වාර්තා වේ.

එම ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ පරීක්ෂණ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින අතර ප්‍රබල දේශපාලකයකුගේ නම් මෙම ඝාතන කුමන්ත්‍රණය සමඟ සම්බන්ධ වී තිබෙන බවට දැන ගැනීමට ඇත.

මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් සුවිශේෂී පුවතක් අවුරුදු නිවාඩුවෙන් පසු රටට හෙළිදරව් කිරීමට සූදානම් වන බවද වාර්තාවේ.

මේ අතර ඩුබායිහි අත් අඩංගුවේ පසුවන මාකදුරේ දනුෂ් මෙරටට පිටුවහල් කිරීම හරහා මෙරට දේශපාලනයේ බොහෝ රහස් හෙළිදරව් වීමක්ද ඔහු සමඟ සමීප ගනුදෙනු කළ දේශපාලනඥයන්ගේ නම් රැසක් හෙළිදරව් වීමෙන් දේශපාලන කැළඹිල්ලක් සිදු වන ලකුණු පහළ වෙමින් තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More