දේශීය පුවත්

එළඹෙන අප්‍රේල් මස 15 වෙනිදාට පසුව යලිත් වරක් මෙරට දේශපාලන ක්ෂේස්ත්‍රය උඩු යටිකුරු කරන බල පෙරළියක් සිදුවීමේ හැකියාවක් පවතින බව මේ වන විට කතාබහට ලක්වෙමින් පවතිනවා. මෙලෙස කතාබහට ලක්වන්නේ කල්තියා ජනාධිපතිවරණයක් පැවැත්වීමේ සූදානමක් පිළිබඳව සහ වත්මන් ආණ්ඩුවේ ප්‍රභල දේශපාලන චරිතයක් ඉවත් කොට ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙක් එම තනතුරට පත් කිරීමේ සුදානමක් පිළිබඳවයි.

කෙසේ වෙතත් එම තීරණයත් සමඟ පසුගිය වසරේ මෙන්ම එම සිදුවිමට සමාන ගැටළුකාරි තත්ත්වයක් රට තුල යළිත් උද්ගතවනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව අදාල ප්‍රභල දේශපාලඥයාට මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරිමේ හැකියාවක් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් දැනට ඇප මත නිදහස ලබා සිටින පුද්ගලයින් පිරිසක් රජයේ සාක්ෂිකරුවන් ලෙස ඔහුට එරෙහිව සාක්ෂි දීමේ සුදානමක් පවතින බවටත් මේ වන කට කතාවක් පැතිර යමින් තිබෙනවා. එවන් තත්වයක් තුළ අදාල දේශපාලඥයා ඉවත් කොට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙක් ඉදිරි මාස 10ක කාලයක් සදහා එම තනතුරට පත් කිරීමේ සූදානමක් පවතින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

යම් හෙයකින් මෙලෙස අදාළ තනතුර වෙනස් කිරිමට හැකි වුවහොත් ජනාධිපතිවරණය කල් තියා කැදවීමේ සූදානමක් පවතින බවටද රාවයක්ද පැතිරයමින් පවතිනවා. එසේම පොදුජන පෙරමුණ විසින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා සිය අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බවට දැඩි මතවාදයක සිටීම මෙම තීරණය සඳහා බලපා ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන අතර ඒ සඳහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් ප්‍රභල අපේක්ෂකයෙකු නම් කිරීමට ඇති ඉඩකඩ සියයට 90ක් බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More