දේශීය පුවත්

1.නව සඳ බැලීම

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අපේ‍්‍රල් මස 07 වන ඉරිදා දින ද, අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 09 වන බ‍්‍රහස්පතින්දා දින ද නව සඳ බැලීම මැනවි.

2.පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම

අපේ‍්‍රල් මස 13 වැනි සෙනසුරාදා දින නුග පත් යුෂ මිශ‍්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ඨ දේවතා අනුස්මණයෙහි යෙදී වාසය මැනවි.

3.අලූත් අවුරුදු උදාව

අපේ‍්‍රල් මස 14 වැනි ඉරිදා දින අපර භාග 02.09ට සිංහල අලූත් අවුරුද්ද උදාවේ.

4.පුණ්‍ය කාලය

අපේ‍්‍රල් මස 14 වැනි ඉරිදා පූර්ව භාග 07.45 සිට එදින අපර භාග 08.33 දක්වා පුන්‍ය කාලය බැවින් අපේ‍්‍රල් මස 14 වැනි ඉරිදා දින පූර්ව භාග 07.45ට පළමු ආහාර පාන ගෙන සියළු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් අපේ‍්‍රල් මස 14 වෙනි ඉරිදා අපර භාග 02.09 සිට අපර භාග 08.33 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම,වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත‍්‍ර ඉටු කිරීම මැනවි.

5.ආහාර පිසීම

අපේ‍්‍රල් මස 14 වැනි ඉරිදා අපර භාග 02.42ට රතු සහ කහ මිශ‍්‍ර (තඹ පැහැති) වස්ත‍්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා හකුරු මිශ‍්‍ර කිරි බතක් ද, තිකුළු මිශ‍්‍ර (ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි යන කුළු බඩු දමා) අග්ගලා සහ කවුම් යන ආහාරයක් පිසීම මැනවි.

6.වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අපේ‍්‍රල් මස 14 වැනි ඉරිදා අපර භාග 03.45ට රතු සහ කහ මිශ‍්‍ර (තඹ පැහැති) වස්ත‍්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියළු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

7.හිසතෙල් ගෑම

අපේ‍්‍රල් මස 17 වැනි බදාදා පූර්ව භාග 07.40ට පලාවන් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොලොන් පත් ද තබා කොහොඹ ලත් යුෂ මිශ‍්‍ර නානු ද ගා ස්නානය කිරීම මැනවි.

8.රැකී රක්ෂා සඳහා පිටත් වීම

අපේ‍්‍රල් මස 18 වැනි බ‍්‍රහස්පතින්දා පූර්ව භාග 04.52ට පලාවන් වස්ත‍්‍රාභරණයෙන් සැරසී හකුරු සහ තල මෝරු මිශ‍්‍ර කිරි බතක් අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යාම මැනවි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More