විදේශ පුවත්

* විකිලික්‌ස්‌ වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසන්ඡේ අත්අඩංගුවට ගැනීම ගැන මානව හිමිකම් කොමසාරිස්‌ මිචෙලි බැචලට්‌ නිහඬ වෙයි

“බ්‍රිතාන්‍ය පොලිසිය ජූලියන් අසන්ඡේව තානාපති කාර්යාලයේ සිට එළියට ඇදගෙන ගියා” – බ්‍රිතාන්‍ය මාධ්‍ය

ජූලියන් අසන්ඡේ එසේ මෙසේ මිනිසෙක්‌ නොවේ. ඔහු ඇමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රහස්‌ ලියෑවිලි 750000 ක්‌ හෙළි කළේය.

ආරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් සොරාගත් මේ ලියෑවිලිවලින් ඇමෙරිකානු හමුදා ඉරාකයේ සහ ඇµaගනිස්‌තානයේ සිදුකළ යුද අපරාධ රැසක්‌ හෙළිsවිය.

මේ නිසා කෝපයට පත් ඇමෙරිකානු රජය ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්‌ ප්‍රකාශයට පත් කළේය.

ඇමෙරිකාවට අමතරව ස්‌වීඩනය ද අසන්ඡේ ලිංගික හිංසන චෝදනාවලට අවශ්‍ය බව පවසා ඔහුව එරටට පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටියේය. මේ නිසා එම වරෙන්තුවලින් ගැලවීමට අසන්ඡේ ලන්ඩන් නුවර ඉක්‌වදොaර තානාපති කාර්යාලයට රිංගුවේය. මෙම පසුබිම මැද බ්‍රිතාන්‍ය පොලිසිය ඉක්‌වදොaර් තානාපති කාර්යාලය වටා රැකවරණ යෙදීය. ඊට ස්‌ටර්ලින් පවුම් මිලියන 13.2 ක්‌ වැය වී ඇත. පසුගිය බ්‍රහස්‌පතින්දා ඉක්‌වදොaර් තානාපති බලධාරීන් අසන්ඡේගේ දේශපාලන රැකවරණ තත්ත්වය ඉවත් කරනු ලැබීය.

ඒ සමඟම ඉක්‌වදොaර් තානාපති කාර්යාලයට කඩා වැදුණු බ්‍රිතාන්‍ය පොලිස්‌ නිලධාරීහු අට දෙනෙක්‌ අසන්ඡේව එළියට ඇදගෙන ගියහ.

එහෙත් මානව හිමිකම් ගැන හඬ නඟන බ්‍රිතාන්‍ය රජය නිහඬ විය. මේ ගැන අප්‍රසාදය පළ කළේ එරට විරුද්ධ පක්‍ෂ නායක ජෙරමි කෝර්බින් පමණකි.

එසේම ඔහු ඇත්තක්‌ ද කීවේය. අසන්ඡේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඇමෙරිකාව විසින් ඉරාකයේ සහ ඇµaගනිස්‌තානයේ සිදුකළ යුද අපරාධ වසන් කිරීමට බවට ද කෝර්බින් කියා සිටියේය.

මේ අතර පොලිස්‌ අත්අඩංගුවට ගනු ලැබූ අසන්ඡේ වෙස්‌ට්‌මිනිස්‌ටර් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු විනිසුරු ද අසන්ඡේට දොaෂාරෝපණයට ලක්‌ කළේය.

අධිකරණයට භාර නොවීම සම්බන්ධයෙන් අසන්ඡේ වරදකරු යෑයි විනිසුරුවරයා ප්‍රකාශ කරනු ලැබීය.

මේ ගැන බ්‍රිතාන්‍ය දේශපාලන විචාරකයන් පැවසුවේ අසන්ඡේ අත්අඩංගුවට ගැනීමෙන් බ්‍රිතාන්‍ය රජය යුක්‌තිය ඇමෙරිකාවට පාවාදී ඇති බවයි.

එසේම බ්‍රිතාන්‍ය ලේබර් පක්‍ෂ නායක ඩයනේ ඇඩම් ප්‍රකාශයක්‌ කරමින් අසන්ඡේ ඇමෙරිකානු වැරදි පිළිවෙත හෙළි කිරීමෙන් ඇමෙරිකාව කෝපයට පත්කර ඇති බව කිවේය.

මෙම තත්ත්වය මත ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, මානව හිමිකම් කොමසාරිස්‌ මිචෙලි බැචලට්‌ සහ මාධ්‍ය සංවිධාන ද නිහඬය.

ඉක්‌වදොaර් ජනාධිපති ලෙනින් මොරිනෝ විසින් අසන්ඡේ අත්අඩංගුවට ගැනීම ගැන ප්‍රකාශයක්‌ කරමින් ඔහු ලන්ඩන් නුවර ඉක්‌වදොaර තානාපති කාර්යාලයේ බිත්ති අපවිත්‍ර කර ඇති බවත් එහි වාසය කිරීමට නොදන්නා පුද්ගලයකු බවත් කියා සිටියේය.

එහෙත් අසන්ඡේට දේශපාලන රැකවරණ ලබාදුන් හිටපු ඉක්‌වදොaර ජනාධිපති රපිල් කොරියා පැවසුවේ වත්මන් ජනපති මොරිනෝ ෙද්‍රdaහියකු බවයි.

මේ අතර බ්‍රිතාන්‍ය මාධ්‍ය තවදුරටත් පැවසුවේ අසන්ඡේ අත්අඩංගුවට ගැනීම ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ අතර දියත් වූ රහස්‌ සැලසුමක්‌ බවයි. ඒ බව දේශපාලන විචාරක ජෝන් විග්ට්‌ කියා සිටියේය. ඩේලිමේල් පුවත්පත ද සඳහන් කළේ මාංචු දැමූ අසන්ඡේ තානාපති කාර්යාලයෙන් ඇදගෙන ඒමට පොලිසිය කටයුතු කළ බවයි.

විකිලික්‌ස්‌ වෙබ් අඩවියේ නිර්මාතෘවරයා මේ අයුරින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ලොව පුරා එසැණින් ප්‍රචාරය වුවත් මානව හිමිකම් ගැන හඬ නඟන්නන් නිහඬය.

වසර තුනක්‌ තිස්‌සේ ඉක්‌වදොaර් තානාපති කාර්යාලයේ රැකවරණ පැතූ අසන්ඡේව වහාම ඇමෙරිකාවට පිටුවහල් කරන ලෙස ඇමෙරිකානු රජය ඉල්ලා ඇත.

චරපුරුෂ සේවය, රාජ්‍ය රහස්‌ හෙළිකිරීම යන චෝදනා ඔහුට එල්ල වී තිබේ.

එහෙත් අසන්ඡේ ඇමෙරිකාවට පිටුවහල් නොකරන බව බ්‍රිතාන්‍ය රජය කියා සිටියි.

2012 වසරේදී අසන්ඡේට එරෙහිව චෝදනා එල්ල වූයේ ඔහු ඇමෙරිකානු සෙබළ බ්‍රැඩ්ලි මැනින් සමඟ එක්‌ වී ඇමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රහස්‌ ගැන පරිගණකවලින් දත්ත සොරාගැනීමය. එසේම බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජෙරමි හන්aට්‌ පැවසුවේ අසන්ඡේ වීරයකු නොවන බවත් ඔහු සත්‍ය වසන් කළ බවත් කීවේය. අසන්ඡේ විසින් ඉක්‌වදොaර් තානාපති කාර්යාලය ප්‍රාණ ඇපයට ගනු ලැබුවා යෑයි හෙතෙම කියා සිටියේය.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More