දේශීය පුවත්

අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා මැති ඇමැතිවරුන් තිස්පස් දෙනකු මේ දිනවල විදෙස්ගතව ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ඇමැතිවරුන් මෙන්ම මන්තී‍්‍රවරුන් ද මෙසේ විදෙස්ගතව ඇති අතර වැඩි දෙනකු එක්සත් ජාතික පක්ෂයේ අය බව ද වාර්තා වේ.

අයවැය විවාදය පසුගිය 05 වැනිදා අවසන්වූ අතර ඇතැම් ඇමැතිවරුන් සහ මන්තී‍්‍රවරුන් ඊට පසුදා මෙරටින් බැහැරව ගොස් ඇත.

මේ අය අතර එජාප මන්තී‍්‍රවරුන් වැඩි පිරිසක් සිිටින අතර සෙසු මන්තී‍්‍රවරුන් විපක්ෂය නියෝජනය කරන බවත් ඒ අතර ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරුන් සිටින බවත් ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

එමෙන්ම මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු පවුලේ සාමාජිකයන් සමඟ නිවාඩුව ගත කිරීම සඳහා මෙසේ විදෙස්ගතව ඇතැයි ද යුරෝපීය රටවලට ගොස් ඇති පිරිස වැඩි බව ද අදාළ ආරංචි මාර්ග තවදුරටත් ප‍්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව යළි රැුස් වන්නේ මැයි 07 වැනිදා වන බැවින් මෙම මැති ඇමැතිවරුන් විදෙස් රටවල දීර්ඝ නිවාඩුවක් ගත කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More