දේශීය පුවත්

සමේ වර්ණයයි, පිං පෙනුමයි සලකලා හැඩ රුව ඇති පිරිසකට ඡන්දය දීලා අද අප අමාරුවේ වැටිලා තියෙනවා. සමේ පාටෙන් පිටස්තර පෙනුමෙන් මිනිසුන් තේරුම් ගන්න අපට නොහැකියි. පිං පෙනුමට සමේ පාටට ඡන්දය දීලා පත්කළ මී හරක් වගේ පිරිසක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. එළදෙනුත් ඉන්නවා. උන් උන් ඇන ගන්නවා. අපටත් අනින්න හදනවා යැයි කැලණිය විශ්වවිiාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ විශ‍්‍රාමලත් මහාචාර්ය දේවාලේගම මේධානන්ද නාහිමියෝ කැලණිය කොහල්විලදී ප‍්‍රකාශ කළහ.

කැලණිය කොහල්විල ශ‍්‍රී ගංගාරාම පුරාණ මහා විහාරයේ සියවස් සැමරුම නිමිත්තෙන් එයට සමාන්තරව එම විහාරවාසී පූජ්‍ය පරවාහැර වජිරරතන හිමියන් විසින් රචිත ‘පියෙවි සිහිය’ කාව්‍යමය ධර්ම ග‍්‍රන්ථය දොරට වැඞීම නිමිත්තෙන් පැවැති උළෙලේදී උන්වහන්සේ එසේ සඳහන් කළහ.

කැලණිය, ගල්බොරැුල්ල ශ‍්‍රී සුගතාරාමාධිපති සාහිත්‍යාචාර්ය කිරින්දේ රේවත හිමියෝ මෙම උළෙලේ මුලසුන දැරූහ.

සමේ පාටයි, පිට පෙනුමයි හොඳ නම් පමණක් බණ අහන, ධර්ම දේශනාවන් ශ‍්‍රවණය කරන සැදැහැවතුන් අද සමාජය තුළ බිහිවී ඇතැයි පැවසූ මහාචාර්ය දේවාලේගම මේධානන්ද නාහිමිපාණන්, අද පත්තරවල සති අන්තයේ පිටු ගණන් තියෙනවා මංගල දැන්වීම් පළකරලා. මනාලයන්, මනාලියන් ගැන විස්තර පළ කරලා තියෙනවා. ඒවායේ වැඩියෙන්ම සඳහන් වන්නේ සමේ පාටයි, පිට පෙනුමයි, කඩවසම් හා පැහැපත් කම ගැනයි. ගමනට, බිමනට, ඇඳුමට, බැල්මට අපේ මිනිසුන් රැුවටෙනවා. දුෂ්ට, නපුරු, අසමජ්ජාති, පල් හොරුන්, නොහොඹිනා පුද්ගලයන් සිල් රෙදි පොරවා ගන්නවා. සාර්ථක කවියෙක් වීමට නම් ප‍්‍රතිභාව ඕනෑමයි. පොත පතේ දැනුම වගේම අත්දැකීම්වලින් පරිපූර්ණව නිර්මාණය වූවොත් පමණයි හොඳ කවියෙක් වෙන්නට හැකි වෙන්නේ. කවියෙක් බණ කීම අලූත් දේවල් නොවෙයි. එයට අවුරුදු දහසකට වඩා ඉතිහාසයක් තිබෙනවා. වෙද පොත් කවියෙන් නිර්මාණයවී තිබුණා. බුදුගුණ කිවයෙන් ගැයුණා. කවිය සිංහල ජන ජීවිතයත් සමග ගසට පොත්ත මෙන් බද්ධ වී තිබෙනවා යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

කැලණිය කොහල්විල ශ‍්‍රී ගංගාරාම පුරාණ මහා විහාරාධිපති පූජ්‍ය ශාස්ත‍්‍රපති හොරවල ධම්මාරාම නාහිමියන් මෙහිදී අනුශාසනයක් පැවැත්වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More