Notice Board

පේ‍්‍රල් මස 13 වැනි සෙනසුරාදා දින නුගපත් යුෂ මිශ‍්‍ර නානු ගා ස්නානය කර ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලූත් අවුරුදු උදාව

අපේ‍්‍රල් මස 14 වැනි ඉරිදා අපරභාග 02.09 ට සිංහල අලූත් අවුරුද්ද උදා වෙයි.

පුණ්‍ය කාලය

අපේ‍්‍රල් මස 14 වැනි ඉරිදා පූර්වභාග 7.45 සිට එදින අපරභාග 8.33 දක්වා පුණ්‍ය කාලය බැවින් අපේ‍්‍රල් මස 14 වැනි ඉරිදා පූර්වභාග 7.45ට පළමුව ආහාරපාන ගෙන සියලූ වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් අපේ‍්‍රල් මස 14 වැනි ඉරිදා අපරභාග 02.09 සිට අපරභාග 8.33 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදි නැකැත් චාරිත‍්‍ර විධි ඉටුකිරීම මැනවි.

ආහාර පිසීම

අපේ‍්‍රල් මස 14 වැනි ඉරිදා අපරභාග 02.42 ට රතු සහ කහ මිශ‍්‍ර (තඹ පැහැති* වර්ණ වස්ත‍්‍රාභරණයෙන් සැරසී නැෙඟනහිර දිසාව බලා ලිප් බැඳගිනි මොළවා හකුරු මිශ‍්‍ර කිරිබතක්ද කිතුල් මිශ‍්‍ර (ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි යන කුළු බඩු දමා* අග්ගලා සහ කැවුම් පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා

ආහාර අනුභවය

අපේ‍්‍රල් මස 14 වැනි ඉරිදා අපරභාග 03.54 ට රතු හා කහ මිශ‍්‍ර (තඹ පැහැති* වර්ණ වස්ත‍්‍රාභරණයෙන් සැරසී නැෙඟනහිර දිශාව බලා සියලූ වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.

පැළ සිටුවීම

අපේ‍්‍රල් මස 15 වැනි සඳුදා පූර්වභාග 11.17 ට නැෙඟනහිර දිශාව බලා ස්වේත වර්ණ වස්ත‍්‍රාභරණයෙන් සැරසි පැළ සිටුවීම මැනවි (තුන් පොකුරු යෝගයකි*.

හිසතෙල් ගෑම

අපේ‍්‍රල් මස 17 වැනි බදාදා පූර්වභාග 07.40 ට නැෙඟනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා පළාවන් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ‍්‍ර නානුද තෙල් ගා ස්නානය කිරීම මැනවි.

රැුකී රක්‍ෂා සඳහා පිටත්ව යෑම

අපේ‍්‍රල් මස 18 වැනි බ‍්‍රහස්පතින්දා පළාවන් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී හකුරු සහ තල මෝරු මිශ‍්‍ර කිරිබත් අනුභව කර පූර්වභාග 4.52 ට නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More