දේශීය පුවත්

මෙතෙක් කලක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා යටතේ තිබූ රජයේ මුද්‍රණාලය ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතාට පැවරීමට ඊයේ (12 දා* තීරණය කර ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනයට ද ජනාධිපතිවරයා අත්සන් තබා ඇත.

ජාතික ආණ්ඩුව පැවැති සමයේ රජයේ මුද්‍රණාලය රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිවරයා යටතේ තිබූ අතර මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත්කළ දින පනස් නවයක ආණ්ඩුව කාලයේදී ජනාධිපතිවරයා විසින් එය තමන් යටතේ ඇති ආරක්‍ෂක අමාත්‍යංශයට පවරා ගත්තේය.

ඉන් පසු වර්තමාන එක්සත් ජාතික පෙරමුණු රජය යටතේද ජනාධිපතිවරයා රජයේ මුද්‍රණාලය තමන් යටතේම තබාගත් අතර වෙනත් කිසිදු අමාත්‍යාංශයක් යටතට පවරා ගැසට් කළේ නැත.

එහෙත් ජනාධිපතිවරයා රජයේ මුද්‍රණාලය ඊයේ තමන් යටතට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කළ බව ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ‘දිවයින’ට ඊයේ (12 දා* ප‍්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More