දේශීය පුවත්

අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් උනේ නැහැ. ඔවුන් UNP එකත් එක්ක ආණ්ඩු කරන්න ගත්තම අපි විපක්ෂයේ වගකීම භාර ගත්තා යයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාල්ටන් නිවසේ පැවති නිදහස් කලා සංවිධානයේ හම්බන්තොට දිස්ත්‍රික් සංවිධානය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වු මහින්ද රාජපක්ෂ මහතා එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරණායක, ඩී.ඒ රාජපක්ෂ යන මහත්වරුන් UNP එකෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමට මුල් වු බවත්, එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට UNP එකත් සමඟ කිසිම ගණුදෙනුවක් නැහැ. අපිට ගියවර මහ මැතිවරණයෙන් ඡන්ද ලැබුනේ UNP එකත් සමඟ එකතු වී ආණ්ඩු කිරීමට නෙවෙයි. මොවුන් UNP සමඟ ආණ්ඩු කිරීමට යාම නිසයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි වුනේ. පසුගිය පළාත් පාලන මැතිවරණයේ තුන්වැනි බලවේගය ලෙස තරඟ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලු පක්ෂ අභිබවා පළාත් පාලන ආයතනවල බලය ගත්තා.

මේ ආණ්ඩුව පසුගිය අවුරුදු 04තුල කලාකරුවන්ට සැලකු විදිය මම අමුතුවෙන් ඔයාලට කියන්න ඕන නැහැ. ඔබ හොදට දන්නවා. මෙම රජය පිහිටුවීමට කලාකරුවන් විශාල වැඩ කොටසක් කලා. ඔවුන්ට ලොකු බලාපොරොත්තු තිබුනා. ඒ වගේම ගොවියා, සාමාන්‍ය ජනතාව ඇතුලු සියලු දෙනාගේම බලාපොරොත්තු මේ ආණ්ඩුව සුන් කළා. අපි ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘතින් අවුරුදු 02ක් නැවැත්තුවා. මම අගමැතිවරයාට කිව්වා සංවර්ධන ව්‍යාපෘතින් නවත්තන්න එපා ඒවායේ වැරදි සිදු වී තිබෙනවානම් පරික්ෂා කරන්න. ඒවා නැවැත්වුවොත් රටේ ආර්ථිකය කඩා වැටෙනවා කියලා. මෙයාලා අවුරුදු දෙකක් තිස්සේ පරික්ෂණ කරලා අපි ආරම්භ කල ව්‍යාපෘතීන්ගේ බෝඩ් ලෑලී ගලවලා මෙයාලගේ නම් ගසා නැවත පටන් ගත්තා. දැන් හම්බන්තොට වරාය විකුණලා. මත්තල විකුණන්න හදනවා. කෝච්චිය බෙලිඅත්තට එන්න තිබුනේ මීට අවුරුදු දෙකකට කලින්. නුවර අධිවේගි මාර්ගයේ වැඩ අවසන් වෙන්න තිබුනා. රත්නපුර අධිවේගී මාර්ගයේ ආරම්භ වෙන්න තිබුනේ.දැන් විදුලි අර්බුදයකුත් තියෙනවා. අපි නොරොච්චෝලේ, කෙරවලපිටිය, ඉහළ කොත්මලේ වැනි විදුලි බලාගාර හදපු නිසා තමුන්නාන්සේලාට මෙහෙමවත් විදුලිය ලැබෙනවා. අපි ආරම්භ කිරීමට සුදානම්ව තිබු සාමපුර් වැනි බලාගාර නවතා දැම්මා තමයි. විදුලිය කප්පාදුවට හේතුව දැන් විදුලිය පිටින් වැඩි ගණනට අරගෙන එයින් කොමිස් ගන්නයි මේ උදවිය කටයුතු කරන්නේ.

ව්‍යාපාර ක්‍ෂෙත්‍රයත් මේ වන විට කඩා වැටිලා. බදු ආදායම දෙගුණයක් කර ආදායම වැඩිවෙලාලු. දැන් ක්‍රෙඩිට් කාඩ් එකකටත් ක් බදු ගහන්න පටන් අරගත්තා. සෑම දෙයින්ම බදු ගන්නවා. කලාකරුවන් පොතක් ලිව්වත්, නාට්‍යක් හැදුවත් බදු ගහනවා. කලාවට අතදිය යුතු යුගයක බදු ගසා කලාව නැත්තට නැති කරන්නයි මේ හදන්නේ. ජනතාවගේ දුක මොවුන්ට තේරෙන්නේ නෑ.

රටක විනයක්, ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. උදේට කියන දේ මේ ආණ්ඩුව දවල්ට වෙනස් කරනවා. දවල්ට කියනදේ රෑට වෙනස් කරනවා. මෙහෙම රටක් ගෙනියන්න බැහැ. එක ප්‍රතිපත්තියක් තිබිය යුතුයි.

කුඩු හැම තැනම පැතිරිලා. කුඩුවලින් ජනතාව මුදවා ගැනීමට ක්‍රියාකාරි වැඩපිළිවෙලක් තිබිය යුතුයි. ඒ සඳහා පොලිසිය මැදිහත් වීම අපි අගය කරනවා. කලාකරුවන්, දෙමාපියන් මුලිකත්වය ගෙන කුඩුවලින් සමාජය මුදවා ගැනීමට කටයුතු කළ යුතුයි. විදුලිය, වතුර තිබෙන සුභ නව වසරක් වේවායයි ද මෙහිදී මහින්ද රාජපක්ෂ මැතිතුමා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ නිදහස් කලා සංවිධානයේ සභාපති සුදත් රෝහණ මහතා ඇතුළු කලාලරුවන් පිරිසක් එක්විය.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More