දේශීය පුවත්

අමෙරිකාවේ සංචාරයක නිරතව සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණ තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළේ පිටවීමේ පර්යන්තය අසල විශාල පිරිසක් රැස්ව සිටින බව වාර්තා වෙයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවේ සංචාරයේ නිරතව සිටින අතරවාරයේ ඔහුට එරෙහිව නඩුවක් ගොනු කිරීම හේතුවෙන් මාධ්‍යවල වැඩි අවදානයක් යොමුව තිබුණි.

ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම පිළිබඳ පුද්ගලික කටයුතු කිහිපයක් සඳහා අමෙරිකාවේ සති 3කට ආසන්න කාලයක් රැඳි සිටියේය.

ගුවන් තොටුපලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, අදාළ කටයුතු සාර්ථකව කර ගැනීමට එහිදී හැකි වු බවයි.

තමන් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිටින කාලයේ දී අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියෙක් හා තවත් පුද්ගලයෙකු විසින් තමා එයට වගකිව යුතු බවත් එයට යම් මුදලක් ලබා දිය යුතු බව සඳහන් කරමින් සිවිල් නඩුවක් දමා ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

අමෙරිකාවේ නීතිය අනුව පුද්ගලික ආයතනයක් මඟින් මේ සම්බන්ධයෙන් සිතාසි ලබා දිය යුතු වුවත් එවැනි ක්‍රියාවලියක් සිදු නොවු බව ද සඳහන් කළ ගෝඨාභය මහතා, මේ වන විට අමෙරිකාවේ සිටින සිය නීතිඥවරුන් මෙම නඩුව නිශ්ප්‍රභා කර ගැනීමට අදාළ කටයුතු කරමින් සිටින බව ද පැවසීය.

කෙසේ වෙතත් මෙම තත්ත්වය තුළ ලාංකීය හා අමෙරිකානු ජනතාවගෙන් තමාට ඉතා විශාල සහයෝගයක් ලැබුණු බවත්, එය හුදෙක් නඩුවක් නොව දේශපාලනමය ක්‍රියාවලියක් බව ද ගෝඨාභය මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා සම්බන්ධ කර ගනිමින් මෙය සිදු කර ඇති බවත්, මෙයට ජාත්‍යන්තරයේ ඇති එල්.ටී.ටී.ඊ හිදවාදී ඩයස්පෝරා සහ ලංකාවේ ඇතැම් පිරිස් සහය දක්වා ඇති බවත්, කැලිෆෝනියාවේ කොන්සල් ජනරාල් කාර්යාලය දක්වා මෙය ගෙන ගොස් ඇති බව ද ඔහු සඳහන් කළේය.

මෙවැනි චෝදනාවක් එල්ල කිරීම තමා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිදු කළ කාර්ය හා මුළු මහත් ලංකාවම බාල්දු කරන තත්ත්වයක් බව ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More