දේශීය පුවත්

යාපනයේ මණ්‌ඩතිව් පළාතෙන් ඉඩම් අක්‌කර 18 ක්‌ නාවික හමුදාවට ලබාදීම සඳහා මිනුම් කටයුතු කිරීමට පැමිණි මිනින්දොaරු නිලධාරීන්ට ප්‍රදේශවාසීන් විරෝධය දැක්‌වීම නිසා ඊයේ (11 දා) දහවල් මණ්‌ඩතිව් ප්‍රදේශයේ දැඩි නොසන්සුන් තත්ත්වයක්‌ හට ගැනුණි.

මෙසේ ලබාදීමට යන ඉඩම් අක්‌කර 18 ට අයිතිකරුවන් සිටින බව පවසමින් එම අයිතිකරුවන් හා ගම්වාසීන් පැමිණ මිනින්දොaරු නිලධාරීන්ට පිටව යන ලෙස කියමින් කෑ ගසා තිබේ. ජනතාවගේ විරෝධය මැද මිනුම් කටයුතු සිදුකිරීමට ගිය අවස්‌ථාවේදී මිනින්දොaරු නිලධාරීන්ට ජනතාව බාධා කොට තිබේ.

වහාම මේ ස්‌ථානයට පොලිසිය පැමිණ සිද්ධිය සමථයකට පත් කළ අතර පසුව තීරණයක්‌ ගන්නා තුරු මිණුම් කටයුතු නවතා දමා තිබේ.

යාපනයේ මණ්‌ඩතිව් ජනතාව කියා සිටින්නේ උතුරේ වැසියන්ට අයත් බලපත්‍ර ඇති ඉඩම් ආරක්‍ෂක අංශවල හා රජයේ අවශ්‍යතාවන්ට ලබා ගැනීම අසාධාරණයක්‌ බවයි.

ඩිදුර පරීක්‍ෂණවල නියෑලී සිටිති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More