දේශීය පුවත්

පළාත් සභා ඡන්දය තිබ්බොත් ජනතාව ආණ්ඩුව ගෙදර යවන බවත් මුලින්ම එන්නේ ජනාධීපතිවරණයක් බවත් මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ආණ්ඩුකාරවරයා එසේ පැවසුවේ නෝර්වුඩ් සිව සුබ්‍රමණියම් ස්වාමි හින්දු කොවිල ශාලාවේ ප්‍රදේශයේ ජනතාවගේ ගටළු සාකච්චා කිරිම සදහා පැවති රැස්වීමකදීය.

එහිදි තවදුරටත් අදහස් දැක්වු මෛත්‍රි ගුණරත්න මහතා මෙසේද පැවසීය.

“අද පළාත් සභා ඔක්කොම විසුරුවාහැරලා තියෙන්නේ. අද කිසිම පළාත් සභාවක් නෑ. අද පළාත් සභාවල බලය තියෙන්නේ ආණ්ඩුකාරවරයා ළඟ.ආණ්ඩුකාරවරයා තමයී අද මහ ඇමති. ආණ්ඩුකාරයා තමයී අද ඇමති. ඒ නිසා අද පළාතේ බලවත්ම පුද්ගලයා වෙලා තියෙන්නෙ ආණ්ඩුකාරයා. තියෙන ආණ්ඩුව පළාත් සභා ඡන්දය තියන්නෑ. වැරදියි. අපේ රටේ නීතිය අනුව වසර පහෙන් පහට පළාත් සභා තියන්න ඕන. නමුත් මේ ආණ්ඩුව පළාත් සභා තියන්න බයයි.ප්‍රාදේශිය සභා තිබ්බා එකෙන් ආණ්ඩුව ලොකු ප්‍රශ්නයකට මුහුණපෑව. දැන් දන්නවා පළාත් සභා තිබ්බොත් ජනතාව පළාත් සභාවෙනුත් ආණ්ඩුව ගෙදරයවන එක තමයී කරන්නේ. ඒ නිසා පළාත් සභා තියන්නෙත් නෑ.පළාත් සභා තියන්නැති එක ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීයි. ජනතාව තීන්දු කරන්න ඕන කවුද තමුන්ගේ නියෝජිතයා කියලා. ජනතාව පත්කරගන්න ඕන ජනතාවට සේවය කරන්න නියෝජිතයව. නමුත් දැන් වෙලා තියෙන්නේ මොකක්ද ආණ්ඩුකාරයාට තමයී බලය තියෙන්නේ. ආණ්ඩුකාරයා තමයී සම්පුර්ණ බලය මෙහෙයවන්නේ.මම හිතන විදියට තව අවුරුද්දකට මේ රටේ පළාත් සභා තියන්නේ නෑ. මේ රටේ තියෙන පළවෙනි මැතිවරණය තමයී ජනාධිපතිවරණය.”

(ක්‍රිෂාන්තන්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More